ස්වර්ණවාහිනිය ඇලෝෂියස්‌ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මිලදී ගනී!

Spread the love

ඊ.ඒ.පී. සමාගමට අයත් ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාව කුප්‍රකට බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කම් කියන අර්ජුන් ඇලෝෂියස්‌ගේ සිංගප්පුරුවට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වේ.

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයත් සමඟ ප්‍රකෝටිපති සමාගමක් බවට පත් වූ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අර්ජුන් ඇලෝෂියස්‌ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඒ කොල්ලයෙන් ලද ලාභය තුලින් මේ වන විට ‘ජනයුගය’ නමින් වැඩිම පත්තර පිටු ප්‍රමාණයක් ලබාදෙන පුවත්පතක් ආරම්භ කළ අතර එහි දෙවැනි පියවර ලෙස ඊ.ඒ.පී සමාගමට අයත්ව තිබූ ස්වර්ණවාහිනි ආයතනය මිලදී ගෙන ඇත.

එසේම පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශ ප්‍රධානී මෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් රුවන් ෆර්ඩිනැන්ඩස් පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවට ගොස් එහි අධ්‍යක්ෂවරු සහ කළමනාකාරවරුන් හමුවී ඇත. අර්ජුන් ඇලෝෂියස්‌ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හරහා මාධ්‍ය කේෂ්ත්‍රයේ සිදුකරන මෙම සියලු ආයෝජන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මාධ්‍ය මෙහෙයුම් සඳහා වන බවද සඳහන්.

RSL

Related Posts