ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)

Spread the love

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට බදුන්වී ඇතැයි වාර්තාවේ.

තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සිදුකොට ඇති එක් එක් ජාතීන්ගේ ඉතිහාසය විකෘතිය, අනන්‍යතා විකෘතිය සහ සිතියම් විකෘති කිරීම වහා නිවැරදි කල යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරීන් බහුතරයකගේ මතය විය. මේ සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ලොව ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන මාරියස් රේයිකරොස් මහතාද එක්වීම සුවිශේෂීය.

මෙහිදී මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්වූ අරියකම්මඨාන සංවිධානයේ සභාපති පූජ්‍ය අරියමග්ග හිමියන්,

“අපි මේ United Nations එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේ මේ නිලධාරින්ව ඒ වගේම මේ රටවල්වල දැනුවත් කරපු ප්‍රශ්නය තමයි උණුසුම්ම ප්‍රශ්නය. අද මේ ගැන මාධ්‍යවේදීන් මාධ්‍ය සාකච්ඡා පවත්වනවා ඒ වගේම එක එක රටවල් වල තානාපතිවරු ඒ හැම දෙනාගේම දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. අපි ඉදිරිපත් කරපු ප්‍රශ්නයට ඒ වගේම මේ ප්‍රශ්නය නිවැරදි කරන්න ඕන කියල අද ලෝකයේ ඉන්න ගොඩක් ජනමාධ්‍යවේදීන් වගේම ක්‍රියාකාරීන් මානව හිමිකම් ක්‍රියාකාරීන් අද විශාල පිරිසක් හම්බෙලා අපි එක සාකච්ඡා කරා.

විශේෂයෙන්ම මට කියන්න ඕනා අපිව මේ තත්ත්වයට ඇදලා දැම්මේ මෙතෙන්ට මෙහෙම එන්න තත්ත්වයට ඇති කරේ ශ්‍රී ලංකාවේ ඉන්න නිලධාරීන්. ඒ නිලධාරීන්ට විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔය හිටපු ඔය අනුර මනතුංග කියන ඔය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඔය දැන් ඉන්න අධ්‍යක්ෂක ජනරාල්වරියට අපි මේ කරුණු ඉදිරිපත් කළා.අපේ නීතිඥ ඉදිරිපත් කරා. මේ අය මේවා තබ සතෙකට ගණන් ගත්තේ නෑ. ඔය බුද්ධ ශාසන කටයුතු ඇමතිවරයාත් ඉදිරිපත් කලා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයට, මිනිස්සුන්ට අයිති පුරාවිද්‍යාත්මක නටබුණු විශාල ප්‍රමාණයක් විනාශ වීම පවතිනවා. මේක උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි මේ දකුණෙත් මේ වයඹ පළාතෙත් උතුරු මැද පළාතෙත් විශාල ප්‍රමාණයක් තියෙනවා.

මේ ගැන දැනුම් දුන්න අපි විශාල වශයෙන් අපි මේවට සල්ලිත් දෙන්නම්. මේවා කරන්න සල්ලි නැත්නම් සල්ලිත් දෙන්නම් කියලා කිව්වහම මේ කටයුතුවලින් මග අරිනවා. ඒ නිලධාරීන්ගේ නිද්‍රාශීලි බව තමයි අපිව මේ තත්ත්වයට ඇති කරේ අද අපි මේ වෙනකොට දැන් මානව හිමිකම් කමිටුවේ විශේෂ කමිටුවක් පත් කරල තියෙන විශේෂ කමිටුවට අපි ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ඒ වගේම එංගලන්තයටත් විරුද්ධව නඩු පවරනවා. ඒ නඩුවේදී ශ්‍රී ලංකාව රජයක් හැටියට චූදිතයෙක් වෙලා තියෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යනකොට පෞද්ගලිකව යන්නේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ, ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණයේ අපි වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, හිටපු අධ්‍යක්ෂකවරයා වගේම බුද්ධ ශාසන අමාත්‍යවරයා යන අයට එරෙහිව වග උත්තරකරුවන් කර නඩු පවරා තිබෙනවා. අපි මේක හරියට ගේන ක්‍රමවේද සහ මේ ඔක්කොම අධ්‍යයනය කරලා ලෝකෙ ඉන්න විශේෂිත නීතිය පිළිබඳව මේවා පිළිබඳව විශේෂඥ නීතිඥයෝ සම්බන්ධ කරගෙන කරන්නේ. අපි මේක කරන හැටි දන්නව. ඒ වගේම අපිට දැන් විශාල රටවල් ප්‍රමාණයක් විශේෂයෙන්ම මොරොක්කෝ පකිස්ථානය ඔය වගේ රාජ්‍යයන් ඉදිරිපත් වුණා අපිට මේ united nation එකේම resolution එකක් ගේන්න. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එහෙම resolution එකකුත් අරගෙන එන්න.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් අසාධාරණයට ලක් වුණු අප්‍රිකාව වගේ රටවල්, ඊළඟට සවුත් ඇමරිකන් රටවල්වල ඊළඟට ආසියාවේ තියෙන හුඟාක් රටවල් අපිට මේකට සහයෝගය දෙන්න කැමති උනා. අපි ඒ සංවිධානත් එක්ක එකතු වෙලා මේක අධිකරණ තුනක, එකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිටිය, ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ජාත්‍යන්තර යුක්ති අධිකරණය කියන මේ අධිකරණ තුනක මේකට සමගාමීව නඩු පවරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ.

මට තවත් විශේෂ කාරණයක් කියන්න තියෙනවා ඔය ලංකාවේ එක එක අය මේවා කොටි රට බෙදන්ඩ හදනවා එහෙම කියනවා. හැබැයි මම ඉතාම කණගාටු වෙනවා ඒ වගේ අය පිළිබඳව. කොටින්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි මේක සිංහලයාගේ ජාතික අනන්‍යතාවය. ඒ ගැන මම කතා කරන්නේ. මේක මගෙත් අනන්‍යතාවය මේක මගේ ජාතික අනන්‍යතාවය තමයි මම මේ ඉල්ලන්නේ. මම මහණ වෙලා ඉන්න ශාසනයේ බුදුහාමුදුරුවන්ගේ ජාතික අනන්‍යතාව විකෘති කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉන්දියානු ජාතිකයෙක් නොවෙයි. හොඳ සිංහලයෙක්. අපේ සිංහල ආදි මුත්තෙක්. ඒ ජාතික අනන්‍යතාවය නිකන් නෙවෙයි, අපි ඒ ජාතික අනන්‍යතාවය විද්‍යාත්මක ගවේෂණ අවුරුදු ගණනාවක් කරලා විද්‍යාත්මක සාක්ෂි මත තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.

අපි මම අභියෝග කරනවා ඔය කියන ඕනම කෙනෙකුට බුදුහාමුදුරුවෝ ලංකාවේ මේ නෙමෙයි දඹදිව තිබුණෙ ඉන්දියාවේ කියලා ඕනම කෙනෙකුට පුලුවන්නම් ඇවිල්ල ඔප්පු කරන්න. ලංකාවේ නෙවෙයි, ලෝකයේ ඉන්න ඕනිම ජගතෙකුට මම අභියෝග කරනවා. ඒ වෙනුවෙන් මම රුපියල් මිලියන 100ක ත්‍යාගයක් දෙනවා එහෙම ඔප්පු කරොත්. ඕනිම ජගතෙක් ඇවිල්ලා ඔය ෆේස්බුක්වල අරවා මේවා කතා කරන්නේ නැතුව, ඕන ජගතෙක් ඇවිල්ලා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ බුදුහාමුදුරුවෝ නෙමෙයි ඔය දඹදිව තිබුන ඉන්දියාවේ කියලා ඔප්පු කරොත් මං මේ සිවුරු ගලවලා මේ ජිනීවා නුවර හෙළි වැල්ලෙන් යනව.

මට තව කියන්න තියෙන්නෙ පින්වතුනි එක කාරණයි. මේ දේශපාලඥයින්ට මේ නිලධාරීන්ට රැවටෙන්න එපා. අපි මේ ගැන කතා කරා මේ නිලධාරීන්ට පැහැදිලි කරලා. මේ නිලධාරීන්ට පැහැදිලි කරලා පෙන්නුවා. මේ අය කියනවා අපි ඉන්දියාවට බයයි. ඉන්දියාව ෂේප් කරගෙන ආවොත් අපි කැමැතියි කියලා. ඉතින් මෙන්න මෙහෙම වාතාවරණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපි මහජනතාව හැටියට නැගිටලා අපි මේක නිවැරදි කරගන්න ඕන කාරණයක්.

ඒ නිසා මේක ලංකාවේ කරන්න බෑ අපි ලංකාවේ අධිකරන වලටත් ගියා එංගලන්තේ අධිකරණ වලටත් ගියා. ඒ ලංකාවේ, එංගලන්තයේ අධිකරණ වලින් මේ නඩු ප්‍රතික්‍ෂේප කරපු නිසා තමයි අපි ලංකාවේ නිලධාරීන්ටත් කිව්වා ඒත් මේ කිසිම කෙනෙක් ඇහුම්කන් නොදීපු නිසා තමයි අපිට ඊට ජාත්‍යන්තර අධිකරණයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ පිහිට පතන්න වුනේ.

ඒ සියලු දෙනාගේම සහාය අරගෙන අනිවාර්යයෙන්ම අපි මේක නිවැරදි කරනවා කරනවාමයි. එහෙම නිවැරදි කරන් නැත්නම් සිංහලයෙක් හැටියට මේ ජීවත්වීමත් හාමුදුරු නමක් හැටියට බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ දන් වළඳින්නත් සුදුසු නැහැ. මට විතරක් නෙමේ කිසිම භික්ෂූන් වහන්සේ නමකට එහෙම සුදුසු වෙන්නෑ කියල තමයි මම හිතන්නේ. තමන්ගේ ශාස්තෘවරයාගේ නිවැරදි නමවත් දන්නේ නැතුව ඒ ශාස්තෘවරයා හිටියේ කොහෙදවත් කියන්න දන්නේ නැතුව මේ සිවුර දැරීමටවත් මම සුදුසු නෑ ඒ නිසා මගේ හිතට එකඟව මම කටයුතු කරන්නේ. හැබැයි මම එකක් කියනවා මේ කිසිම ඔය එන කිසිම අභියෝගයකට බය නෑ. බය නම් මේ වැඩේ කරන්නෙත් නෑ..”

ආශ්‍රිත පුවත්: දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි

උපුටා ගැනීම: TruthConnectTV – සත්තා

RSL

Related Posts