ශ්‍රීලනිපයේ තවත් තුනකට මෛත්‍රීගේ කඩු පහර

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර එම පක්‍ෂයේම මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයින් තිදෙනකු අද(30) දින ඒ ආකාරයෙන්ම එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

මෙලෙස ඉවත් කර ඇත්තේ ශ්‍රී නිදහස් පක්ෂයේ තනතුරු දැරූ දුමින්ද දිසානායක, වසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන ප්‍රබලයින් තිදෙනෙකි.

මහින්ද අමරවීර මහතා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ධූරය දැරූ අතර දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිතපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවකදී මේ බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම නෙරපීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහින්ද අමරවීර, ලසන්ත අලගිවන්න හා දුමින්ද දිසානයක යන මහත්වරැන් සඳහන් කරති

RSL

Related Posts