දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)

Sri Lanka
Spread the love

සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය.

මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් ඉන්දීය උපමහද්වීපයේ සිතියම විකෘති කිරීම නිසා බව වැඩිදුරටත් එහිදී හෙළි විය. වසර හතලිහක් පුරා ලොව පුරා ඇවිදි යමින් පැරණි සෙල් ලිපි පුස්කොළ පොත් කියවමින් සුවිශේෂී ගවේෂණයට යෙදුණු ගිහි කල ශ්‍රී ලංකාවේ මාකෝ පෝලෝ නමින් විරුදාවලිය ලත් වර්තමානයේ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික භික්ෂුවක් වන පූජ්‍ය ක්ලෙප්පේ අරියමග්ග හිමියන් විසින් මෙය එක්සත් ජාතීන්ගේ සමුලුවේදී මනාව අනාවරණය කලහ.

පුරාවිද්‍යාත්මක, අභිලේඛන, තාරකා විද්‍යාත්මක සාක්ෂිවලට අමතරව භූමිතික පර්යේෂණ යනාදී විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගන්නා ලද පිටු 500ක පමණ විද්‍යාත්මක සාක්ෂි සම්පිණ්ඩණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයට මෙන්ම, එංගලන්ත, ඉන්දියා, ශ්‍රී ලංකා, නේපාල යන රාජ්‍යයන්ට මේ වනවිට නිල වශයෙන් ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇත.

මේ සඳහා සහය දීමට ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිවේදීන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති අතර, බොහෝ විදේශ රාජ්‍යයන්ගේ අවධානය මේ වෙත යොමු වීම ද දැනට සිදුවෙමින් පවතී.

මෙම ඓතිහාසික මොහොත අද දින එක්සත් ජාතීන්ගේ 55 වැනි මානව හිමිකම් සැසි වාරයේ දී ආරම්භ විය. එම සමාරම්භක අවස්ථාවේදී අරියකම්මට්ඨාන සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ක්ලෙප්පේ අරියමග්ග හිමියන් විසින් සිදු කළ කථාව ඇතුලත් සම්පූර්ණ ප්‍රවෘත්ති වාර්තාව මෙහි අන්තර්ගත වේ.

උපුටා ගැනීම: TruthConnectTV – සත්තා

RSL

Related Posts