රජය රජයේ ලොකු පුටු තව ශක්තිමත් කරයි

Spread the love

රජය රජයේ ඉහළ තනතුරු දරන මණ්ඩලික නිලධාරීන්ගේ සේවාව රජය වෙත ශක්තිමත්ව ලබා ගැනීම සඳහා පසුගිය මස 11 වනදා පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

මාර්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මාස 10 ක කාලසීමාවක් සඳහා එම දිරිදීමනාව ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් 15,000ක දීමනාවක් ලබාදීමට නියමිතය. ඊට අමතරව සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ හා ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000 බැගින් මාසික දීමනාවක් හිමිවනු ඇත.

මෙම දීමනා ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවල පරිපාලන වියදම්වලින් සලසා ගත යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

රජයේ සංවර්ධන යාන්ත්‍රණයේ ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සවිබල ගැන්වීම අරමුණු කරගනමින් එම විශේෂ මාසික දිරි දීමනාව ලබාදීම සිදුවෙයි.

RSL

Related Posts