ජනාධිපතිතුමාම ආයේ මාව හිරේ දාන්නත් පුළුවන්! (වීඩියෝ)

Spread the love

ජනාධිපති සමාව යටතේ තමාව නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි සිරගත කිරීමේ නොහැකියාවක් නොමැතිබවත්, වරද දුටු තැන තරාතිරම, හිතවත් කම් නොබලා ක්‍රියාත්මක වන හිටපු මහින්ද රාජපක්ෂ මහතාටවත් නොමැති අසාමාන්‍ය පෞරුෂයක් ඔහුට තිබෙන බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති බවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති බව ද කී උන්වහන්සේ වත්මන් ජනාධිපතිතුමන් තමන් නැවත වතාවක් හිරේ දමන්නට බැරි කෙනෙකුන් නොවන බවද බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටිති.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන අදහස් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

එතුමාව බලය ගෙන එන්න උදව් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවා වැරදි දුටු තැන නොබියව විවේචනය කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එතුමා නොබියව, නොපැකිලිව කටයුතු කිරීමට ඇති පෞරුෂය එදා මහින්ද මහත්මයාටවත් නොතිබුණු බව උන්වහන්සේ මෙහිදී උදාහරණ ලෙස පැවසූහ. එම නිසා තමන්ද යම් මොහොතක යළි වරදක් සිදුකළහොත් හිරේ දැමීමට එතුමාට හැකියාව පවතින බවද සඳහන් කළහ.

ඔබට ගෞරවයක් ඇති වෙන ලෙස මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයා දෙන්නම් යැයි තමන් සහ තම මෑණියන් ජනාධිපතිවරයා සමග සඳහන් කළ බවද ඥාණසාර හිමියන් කීහ.

තමන් කිසිවිටකත් විට තමන්ට නිදහස ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටි බව ඥානසාර හිමි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අමුතු දේශපාලඥයකු වන බවත් අනෙක් බොහෝ දේශපාලනඥයින්ට වඩා ජනාධිපතිතුමා අමුතු බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කීහ.

සම්පූර්ණ සලකුණ වැඩසටහන මෙතනින්

Loading...

RSL

Related Posts