මහබැංකුව කොල්ල කෑ රනිල් සමෘද්ධි අරමුදල් කොල්ල කන්න සැරසෙති! එක සමෘද්ධි උත්සවයක් වෙනුවෙන් කෝටි 30කට වැඩි මුදලක් ගසාකයි! (සාක්ෂි සහිතයි)

Spread the love

මෙම 30 වනදා ආරම්භ වීමට නියමිත සමෘද්ධි ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සව සඳහා රුපියල් මිලියන 300 ක් හෙවත් කෝටි 30 ක මහජන මුදල් සහ සමෘද්ධි ආරක්ෂණ බද්දට අයත් මුදල් කාබානිසියා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය දයා ගමගේ විශාල විගඩමක් නැටීමට සැලසුම් කොට ඇතැයි සියලු සාක්ෂි තොරතුරු සමඟ වාර්තාවේ.

මෙය පසුගිය දිනෙක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළ පරිදි අලුත් පවුල් ලක්‍ෂ හයකට සමෘද්ධි සහන ලබාදීමේ ව්‍යාපෘතියකි.

මේ වනවිටත් සමෘද්ධි පවුල් ලක්‍ෂ 14ක් සිටින අතර ආණ්ඩුවේ මෙම ව්‍යාපෘතියෙන් පෙනෙන දෙය නම් රටේ දුප්පත්කම තවත් වැඩි වී ඇති බවට ලබාදෙන සහතිකයයි.

රටේ ආර්ථිකය හොඳනම් දුප්පත්කම තුරන් වෙනවා නම් සමෘද්ධි ලබන පවුල් ගණන අඩුවිය යුතුයි. එහෙත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පහුගිය වසර දිළිඳුකම පිටුදැකීමේ වසර කියා නම් කොට තිබුණද ඇත්තටම සිදුවෙලා තිබෙන්නේ දිළිඳුකම වැඩිවීමයි. ඒ නිසා තවත් පවුල් ලක්‍ෂ හයක් සමෘද්ධිලාභී පවුල් අතරට එකතු වී තීබේ.

ඒ සඳහා ආණ්ඩුව ගත්ත ණයවලින් රුපියල් බිලියන 10ක් වෙන්කරලා තිබෙනවා. ආණ්ඩුව මෙම සමෘද්ධි ප‍්‍රතිලාභ බෙදාදීමට සැලසුම් කොට තිබෙන ක‍්‍රමවේදය මගින් නාස්තිකාර වියදම් වැඩි වී ඇති අතර මෙහි රාජ්‍ය උත්සවය අම්පාරේදී මැයි 30වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව උත්සව 25ක් දිස්ත්‍රික්කවල සැලසුම් කොට තිබෙන අතර එම උත්සවවල එක වේදිකාවකට පමණක් ලක්‍ෂ 42ක් ඇස්තමේන්තු කොට තිබේ. එනම් එම උත්සවවල වේදිකාවලට පමණක් ලක්‍ෂ 1,000ක මුදලක් වැය කිරීමට තීරණය කොට ඇති අතර ටීෂර්ට්වලට රුපියල් ලක්‍ෂ 700ක මුදලක්ද වැය කොට තිබේ.

එසේම මෙම උත්සවයේ උපදෙස් පත්‍රිකා, සහතික පත‍්‍ර මුද්‍රණයට, ප‍්‍රචාරක සහ සංග‍්‍රහ වියදම් සියල්ලටම වෙන්කොට තිබුණේ රුපියල් මිලියන 180ක්. දැන් එම මිලියන 180 මදි කියලා තවත් මුදලක් වෙන්කරගන්න නියමිතයි. එම මුදල් ලැබෙන තුරු සමාජ ආරක්‍ෂණ අරමුදලෙන් මුදල් ලබාගන්න ආණ්ඩුව උපදෙස් දී තිබේ.

සමාජ ආරක්‍ෂණ අරමුදල කියන්නේත් සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගෙන් රුපියල් සියයක මුදලක් නැවත ආණ්ඩුවට අයකරගෙන ස්ථාපිත කර ඇති අරමුදලක් වන අතර ආණ්ඩුව මේ නාස්තිකාර වියදම් සඳහා යොදා ගන්නේ සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ අරමුදලයි.

මීට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018.09.08 වනදා පොළොන්නරුවේ පවත්වපු මෙවැනිම උත්සවයකට රුපියල් 3,404,033ක් උත්සව වියදම් විදිහට වැයකොට තිබෙන අතර එම වසරේම සැප්තැම්බර් මාසයේ මාතලේ පවත්වපු උත්වයට උත්සව වියදම් විදිහට 6,455,964ක් වැයකර තිබෙන අතර එදා වගේම අදත් කරන්නේ මේ වගේ නාස්තිකාර වියදම් බව මින් පැහැදිලිය.

පසුගිය වසරේ කෝටි 10ක් වැය කළ උත්සවයට මෙවර එමෙන් තුන්ගුණයක් වැයකරමින් එනම් කෝටි 30ක් වැය කොට මහජන මුදල් කොල්ල කෑමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අද සැරසෙති.

එදා බැසිල් රාජපක්‍ෂලා සමෘද්ධි බැංකුවල අරමුණුවලට පටහැණිව විශාල නාස්තියක් සිදුකර තිබෙන බව විගණන වාර්තාවල පැහැදිලිව සඳහන් වේ. විවිධ නම් යොදාගනිමින් ඊනියා ව්‍යාපෘති හරහා මහජන මුදල් රාජපක්ෂලා විසින්ද කොල්ල කෑවේ කෝටි ප්‍රකෝටි ගණනින්ය.

ඒවා නැති කරන බවට පොරොන්දු දෙමින් පැමිණි යහපාලන රජයද අද කරන්නේ එයමය.

RSL

Related Posts