වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ.
සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.
ඒ අතරින් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබුණේ පළමු දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය ශාෆි කළ සිසේරියන් සැත්කමෙන් පසු දරුඵල අහිමිවීම පිළිබඳවයි. කෙසේවෙතත් දෙවන දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය ශාෆිගෙන් සිසේරියන් සැත්කම කරගත් පසු දරුඵල අහිමි වූ මව්වරුන් ද අද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
වෛද්‍ය ශාෆි දඹුල්ල රෝහලේ සේවය කළ කාල සීමාවේ ඔහුගෙන් සිසේරියන් සැත්කම් කරගත් තවත් මව්වරුන් 11 දෙනෙකු අද දඹුල්ල පොලීසියටත් දඹුල්ල මූලික රෝහලටත් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
පැමිණිලි ඉදිරිපත් කිරීමේදී සැළකිලිමත් විය යුතු තවත් කරුණු සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද පැවැති ප්රවෘත්ති සාකකච්ඡාවකදී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර අසාධාරණයට ලක්වූ මව්වරුන්ට නොමිලේ නීති ආධාර ලබාදීමට නීතිඥයින් පිරිසක් සූදානම්ව සිටි.
මේ අතර වෛද්‍ය ශාෆිට එරෙහි වන්ද්‍යාකරණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට දේශපාලන අතපෙවීම් නවතා, සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට බල කරමින් අදත් කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත් විය.