එල්ලෙන්න බලාසිටි ඒ හිලත් මාලිමාවට වැසෙයි..

Spread the love

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සාර්ථකව නිමකොට ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උමා ඔයේ හිලේ එල්ලී දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට යන එන මං නැති වූ බව නොරහසකි.

එහෙත් උමාය ව්‍යාපෘතිය පසුගියදා ඉරාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් විසින් ජනතා අයිතියට පත් කොට දින කීපයක් ගතවත්ම ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව සුලු ජල පහරක් ගලා යෑමත්, නාය යෑමේ සලකුණු මතුවීමත් සමඟ මාලිමාවේ අයවලුන් විසින් උමා ඔයේ හිල යළිත් කරළියට ගෙන එන්නට පටන් ගත්තේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිදු කල විමර්ශන වලින් අනතුරුව උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

පසුගිය දිනවල එම ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් එම තත්ත්වය හට ගෙන ඇති අතර ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ මේ වනවිට නායයෑම් තත්ත්වයක් සක්‍රීය වෙමින් පවතින අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමක දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටියේ,

“බොහොම ගැඹුරින් පොළොවේ ගමන් කරන උමං මාර්ගයක ජලය. එහෙම අධික පීඩනයක්… පෘතුවි පෘෂ්ඨය මතුපිටට එන්න තරම් අධික පීඩනයක් ඇති වෙනවා නම් ඒ පීඩනයම ඇති ජලය ආපසු ගලාගෙන යන්නේ ඒ ජලය එන ජලාශය වෙතට. ඒ නිසා එවැනි කාරණයක් ගැන හිතන්න අපට අවශ්‍ය නැහැ. මොකද හේතුව… එහෙම අධික පීඩනයක් ඒ උමං මාර්ගය තුළ නැති බව තමයි දැන් අපිට පෙනී යන කාරණය.”

කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ නැති හිලක් මවමින් එම ප්‍රදේශයේ ජනතාව ගොනාට අන්දවමින් තම දේශපාලනය න්‍යාය පත්‍රය කරගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයින් ඇතුළු මාළිමාවේ අයවලුන් විසින් මෙම ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම හේතුවෙන් සිදුවූ ගණනය කල නොහැකි අති දැවැන්ත ජාතික පාඩුව සුළුපටු නොවේ.

RSL

Related Posts