සජිත්ගේ කල්ලිවාදයට එරෙහිව රනිල්ගෙන් තවත් වෙට්ටුවක්..

රනිල් – සජිත් බල අරගලයේ තවත් තීරණාත්මක කඩඉමක් සටහන් කරමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඔහු සදහන් කළේ ත‍්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන එජාප නායකයාට ඉතාම …

Continue Reading

අවනීතියට සහ දේශපාලන දඩයමට එරෙහිව සත්‍ය ක්‍රියාවක්..

රක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් ඊයේ (23) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි. මේ සඳහා මහා සංඝරත්නය ආශිවාර්ද කිරීමට එක්වූ අතර එජාපයේ ජනාධිපති අපේක්ෂකයත්වය දැරූ සජිත් ප්‍රේමදාස, එජාප උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ …

Continue Reading

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම ගැටළුවක් හෝ කඹ ඇදිල්ලක් නැහැ. අවශ්‍ය වෙලාවට, අවශ්‍ය පරිදි, අවශ්‍ය දේ කරනවා..(වීඩියෝ)

“ඡන්ද කාලේ කියන දේවල් සහ ඒ කියන දේවල් ප්‍රායෝගිකව ඉටු කරද්දි තිබෙන වෙනස අපට දැන් පැහැදිළිව පේන්න තිබෙනවා. ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමේදී භාණ්ඩ මිල ඉහළ යාම නිසා අද ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිවෙලා කියල ඒ තුළින් අපට පැහැදිළිව පේනවා. ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අපි මේ අවස්ථාවේදී අපේ පූර්ණ …

Continue Reading

එජාප නායකත්වය කරුට දෙන්න එකඟතාවයකට..!

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමට නම් නායකත්ව මණ්ඩලයක භූමිකාවක් නොව නායකත්වය හෝ නායකත්ව බලතල අවශ්‍ය බව, කතානායක කරු ජයසූරිය, එජාප ජ්‍යෙෂ්ඨ නායකයන්ට දන්වා ඇතැයි වාර්තාවේ. ඉදිරි මහ මැතිවරණයේදී එජාප කඳවුර මෙහෙයවීම සඳහා රනිල්, සජිත් සහ කරු ද ඇතුළත් නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට මීට පෙර යෝජනාවක් ඉදිරිපත්ව තිබූ අතර එය සජිත් පාර්ශ්වය විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණි. මේ අනුව කරු ජයසූරිය මහතාට …

Continue Reading

පක්ෂය භාරදීමට තරම් සජිත් තවම පරිණත නැති බව රනිල් දැඩිව අවධාරණය කරයි

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය භාර දීමට නම් ජාතක තලයේ නායකයකු වශයෙන් ඔහුගේ හැකියාව පෙන්විය යුතු බවත් එතෙක් මෙතෙක් තමන් ආරක්ෂාකරගෙන ආ පක්ෂය තමන් සන්තකයේම තබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ. හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමු වූ අවස්තාවේදීයි. ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු වසර 25ක් තිස්සේ තමන් එක්සත් …

Continue Reading

ගෝඨාභය කියන විදිහට කෝටි 2600 කැපුවොත් 230,000කට රැකියා නෑ

රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට බරක් නොවන ලෙස පවත්වාගෙන යනවා යැයි ඝෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ දැනට රාජ්‍ය ආයතන වෙනුවෙන් රජය වැය කරන කෝටි 2600ක මුදල නතර කරන බව නම් එයින් දෙලක්ෂ තිස්දාහසකට රැකියා අහිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවන්නේ නැතිව ක්‍රියාත්මක කරන ආකාරය ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේ පැහැදිලි කළ යුතු බවද ඒ …

Continue Reading

ජලනිට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක්..! එජාපයට රිංගූ පොල් කුරුමිනියන්ගේ මෙහෙයුම..!

ජනපති සිරිසේන යනු එක් ‍රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් …

Continue Reading

කාටත් හොරෙන් සජිත් කරේ තියන් ගිය සිරිසේන සජිත්ටම අරී.. ලක්ෂ 10ක ඡන්ද ගෝඨාට යද්දී ඡන්ද ලක්ෂ6.5ක් සජිත්ට අහිමි වෙයි!

පසුගිය කාලය පුරාවට කාටත් හොරා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගෙන ගිය හොර දීගයේ කිසිකන පහර සනිටුහන් කරමින් සුපුරුදු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරහා තීරණයට පත්කර ඇත. එදා මෙදා තුර “තමාට කන්න නැති දේ වෙන එකෙකුටවත් කන්න නොදෙන” න්‍යායයේ සිටින සිරිසේන සුපුරුදු පරිදි තමා සමඟ …

Continue Reading

එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා

අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ජනතාවට ලබාදෙන්න අපට හැකිවුණා. රටේම ජනතාව එය පිළිගන්නවා. තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව, දේශපාලන පලිගැනීම්, ආදි ගැටළු කිසිවක් අපට …

Continue Reading

සජිත්ට සහය දක්වන්න එජාපය හැර ගිය මන්ත්‍රීවරු යළි එක්වෙති

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකත්වය හිමිවීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිස් යළි එජාපගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එම පක්ෂය වෙත පැමිණෙමින් තිබේ. ඒ අනුව මීට මාස කිහිපයට පෙර එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලින් තමා බැහැරව ගිය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා අද යළිත් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීම …

Continue Reading