පක්ෂය භාරදීමට තරම් සජිත් තවම පරිණත නැති බව රනිල් දැඩිව අවධාරණය කරයි

Spread the love

සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය භාර දීමට නම් ජාතක තලයේ නායකයකු වශයෙන් ඔහුගේ හැකියාව පෙන්විය යුතු බවත් එතෙක් මෙතෙක් තමන් ආරක්ෂාකරගෙන ආ පක්ෂය තමන් සන්තකයේම තබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ.

හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමු වූ අවස්තාවේදීයි.

ජේ. ආර්. ජයවර්ධන. ආර්. ප්‍රේමදාස යන නායකයින්ගෙන් පසු වසර 25ක් තිස්සේ තමන් එක්සත් ජාතික පක්ෂය රැකගත් බව මෙහදී සිහිපත් කර ඇති වික්‍රමසිංහ මහතා එය නාස්ති වීමට ඉඩ දිය නොහැකි බවත් ඊළඟ නායකත්වය ලබාගැනීමට නම් ඒ වගකීම දැරීමට අදාළ හැකියාව සජිත් ප්‍රේමදාස ඔප්පු කර පෙන්විය යුතු බවත් අවධාරණය කර ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට දැනට ලබාදෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර පමණක් බවත් පක්ෂ නායකත්වය තවදුරටත් තමන් විසින්ම දරණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ අනුව මුල්වරට ප්‍රකාශ කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාට මේ ලබා දී ඇති අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන විපක්ෂ නායකයා ලෙස වැඩකළ පෙන්විය යුතු බවත් ජාතික තලයේ දේශපාලන නායකයකු වශයෙන් ඔහු මෙහිදී ක්‍රියාකරන ආකාරය අනුව පක්ෂ නායකත්වය ඔහුට හිමි වන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය වනු ඇති බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ

RSL

Related Posts