ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ; MCC ගිවිසුමේ 70% කට අපි එකඟයි – ගම්මන්පිළ රෙදි ඇඳගෙන කියයි

Spread the love

‘MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කියලා. මේ ගිවිසුමෙන් සියයට 70කට වඩා මුදල් වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියටයි. සියයට 30ක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි, ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ’

මෙසේ ප‍්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතායි. ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ගම්මන්පිල මහතා මේ පිළිතුර ලබා දුන්නා.

‘ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැතැයි ගම්මන්පිල මහතා සුදු රෙදි ඇඳගෙන වැඩිදුරටත් පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය පුරාවටම මෙම MCC ගිවිසුම කරේ තබාගනිමින් රට වටේ ගිනි අවුලුවමින් වේදිකා ගනනේ බිල්ලන් මැවූ විමල් වීරවංශ සහ උදය ගම්මපිළ සිදුකොට ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමේ ව්‍යාපෘතියක් බව ගම්මන්පිළගේ මෙම පරස්පර කතාවෙන් හොඳ හැටි පැහැදිලිය.

RSL

Related Posts