එජාපය පෙරටුකරගත් පොදු සන්ධානය ගොඩනඟන්න සියල්ලෝ එක්වෙති; සන්ධානය ගොඩනඟන දිනයේදීම අපේක්ෂකයා නම් කරයි; සජිත් සද්ද නැතිව එකඟවෙයි
එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ” ගොඩනඟමින් අනෙකුත් පක්ෂ සන්ධාගත කරගැනීමට අදාළව එජාපයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ප්‍රධානීන් පිරිසක් අද(17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඔ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ් කරියවසම්, මංගල සමරවීර, කබීර් හෂීම්, නවීන් දිසානායක, රාජිත සේනාරත්න, …
Continue Reading
එජාප සන්ධානය සමඟ සන්ධාන ගතවන්න තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් එක්වෙයි
එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වීම සඳහා මින් පෙර එජාපය සමඟ සන්ධාන ගත නොවූ තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් මේ වන විට එක්වෙමින් පවතින බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මීට පෙර එක්සත් ජාතික පක්ෂය සමඟ මීට ලඟ ජනාධිපතිවරණය සඳහා සන්ධාන ගත වීමට අදාළව මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ 12ක් සහ සිවිල් සංවිධාන 27ක් එකඟතාව …
Continue Reading
රට වෙනුවෙන් එජාපයෙන් ජනපති වෙත ලිඛිත ඉල්ලීමක්
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලබාදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරයක් …
Continue Reading
“ගමට සිරිකොත” හෙට කළුතරට..
එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමේ අමුණින් ගමට සිරිකොත වැඩසටහන හෙට (10) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂයෙ සියලුම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කලුතරදි ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අද (09) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගමට සිරිකොත වැඩසටහන පිළිබඳ දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය. කළුතර, බුලත්සිංහල, බණ්ඩාරගම, මතුගම, අගලවත්ත, හොරණ සහ බේරුවල …
Continue Reading
ආණ්ඩුව අයවැය පැරදීමේ අවදානමක..
මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද …
Continue Reading
අපි වැඩ කරන්නේ ධර්මයට, ඔවුන් බෙර ගහන්නේ දේශපාලනයට
මට කොපමණ දොස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත්, බෙර ගහන අය වැඩ කරන්නෙත් නෑ. සමහරු බුද්ධ ධර්මයටත් ඉහළින් ගොස් සිංහල බෞද්ධයන් ලියාපදිංචි කරනවා. බෞද්ධයෝ කවුද? බෞද්ධ නොවන අය කවුද කියා ලියාපදිංචි කරන්නේ ඒ අය යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ ඉදිකළ රන් වැට සසුනට පූජා කිරීමේ …
Continue Reading
රන්ජන් දන්න අපි නොදන්න කොකේන් ගහන මැති ඇමැතිවරු
මේ වනවිට අප රට කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන්ගේද ආශිර්වාද මැද වෙලේ සුදාලා, මධුෂ්ලා ඇතුළු පාතාල නායකයන්ට රිසි සේ වැඩෙන්නට ඉඩහැරීම තුළ මේ කුඩු ව්‍යාපාරය තව තවත් වර්ධනය විය. අපේ රටට ඇතැම් අවස්ථාවලදී කුඩු ගෙන එනු ලබන්නේ ධීවර බෝට්ටු මගිනි. පසුගිය කාලයේදී බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වූ සීනි කන්ටේනර් තුළද කුඩු කිලෝ ගණනින් තිබී අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව …
Continue Reading
අධිකරණයට බලපෑම් කරන්න එජාපය පාර කපන හැටි එජාප මන්ත්‍රීවරුම හෙළි කරයි!
එක්සත් ජාතික පක්ෂය අධිකරණයට බලපෑම් කිරීමේ ප්‍රවේශ මාර්ගයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව යොදාගැනීමේ අවදානම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම නීති විශාරදයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් විශේෂ අනාවරණයක් අද (14) සිදුකළේය. ව්‍යවස්ථාදායක සභාව මෙරට තිබෙන දේශපාලනීකරණය වූ ඉතාමත්ම දූෂිත ආයතන කිහිපය අතරින් එකක් බවත්, ජනාධිපතිවරයාට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවත් කර ගැනීමට මෙම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු අනාවරණය කර සිටියේය. මෙම …
Continue Reading
අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..
වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් …
Continue Reading
එජාපයේ බලය අල්ලන, පාක්ෂිකයින් සහ රටේ ජනතාව ගොනාට අන්දවන සජිත්ගේ SPG 2020 මෙහෙයුම
එක්සත් ජාතික පක්ෂයේ 25 වසරක අඛණ්ඩ අසහාය නායක රනිල් වික්‍රමසිංහ සමඟින් ගරා වැටෙමින් පවතින එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ නායකත්වය වියැකෙන මොහොකදී සැනින් එහි බලය අල්ලාගැනීම සඳහා වන ඉතා කූට මෙහෙයුමක් එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ. දැඩි සුචරිතවාදියෙකු ලෙස මාධ්‍ය මඟින් තම ප්‍රතිරූපය පුම්බාගෙන සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම අමාත්‍යධුරය අවභාවිතා කරමින් එම අමාත්‍යංශය …
Continue Reading