ඇමැති දුමින්ද සබීතාගේ සැමියාට කරුණාව පායි!

සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂ 210ක කුළියට ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. මාධ්‍ය මගින් මෙම කරුණ මතු කරනු ලැබුව ද කැබිනට් අනුමැතිය ඒ වෙත ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පළමුව මෙම මුදලට මේ ගොඩනැගිල්ල කුළියට ලබා ගැනීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ කෘෂිකර්ම ඇමැතිවරයා වන අතර …

Continue Reading

සටන් පාඨ අහිමිවුණු විමල්!

මතස්‍යයාට ජලය මෙන් විමල් වීරවංශට පවතින්නට සටන් පාඨ නැතිව ම බැරි ය. විමල් ගෝස්තරය සොයා ගන්නේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාවල සිට වාහන අනතුරු දක්වා සටන් පාඨ නිර්මාණය කරගනිමිනි. පාඨලී චම්පික ඇමැතිවරයාගේ වාහනයක වැදී අනතුරට ලක් වුණු තරුණයා සම්බන්ධ සිද්ධියේ දී විමල්ගේ ප්‍රකාශය නිසාවෙන් පෙනෙන්නට තිබෙන්නේ, ඔහු දැන් සටන් පාඨ හිඟන්නෙක් බවට පත් ව ඇති අයුරු ය. පාඨලී ඇමැතිවරයා හෝ කුමන …

Continue Reading

ගෝඨාභය තර්ජනය කරයි!

“රටට සේවය කරපු අය දුක විඳින්න ලෑස්ති වෙන්න ඕන. එක තමයි ඉතිහාසයේ තියෙන්නේ. කමක් නෑ. ඒ වගේම දැන් ඉන්න අයටත් ඉදිරියේදී කලකිරෙන්න වෙයි. සමහරවිට සිය ගුණයකින්. ඒක තමයි ස්වභාව ධර්මය” මේ ප්‍රකාශය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්දගේ යුගයේ, වඩාත් ම බලවත් පුද්ගලයින් දෙතුන් දෙනාගෙන් කෙනෙක් වූ ගෝඨාභය රාජපක්ෂ විසිනි. අපගේ අදහස අනුව නම් මේ ප්‍රකාශය යටින් එන බරපතල තර්ජනය මේ …

Continue Reading

පුරවැසි බලයෙන් රජයට රතු එළි!

“පුරවැසි බලය” සංවිධානය යනු මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලනය නමින් හැඳින්වෙන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ මහන්සි වී වැඩ කළ සිවිල් ජනතා එකමුතුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩු පෙරලි සංක්‍රාන්ති කාලයේ මෙම සිවිල් පුරවැසි එකතුවකින් සැදි සංවිධානය තම අදහස කියමින් රැස්වීම් තබමින් රටේ සෑම තැනක ම පාහේ ගියෝ ය. කෙසේ වෙතත්, රටේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්නට …

Continue Reading

රන්ජන් පිරිමි ගණිකාවක් ද?

රන්ජන් රාමානායක බොහෝ වැර වෑයමෙන් රංගනයට පිවිසි අයෙකි. මෙරට සිනමාව තුංග යෝධයෙක් සේ ම සිංහල සිනමාවේ සදාකාලික සිහින කුමරා ද වූ විජය කුමාරතුංගගේ සෙවනින්, උදවුවෙන්, දුර නෑකමෙන් සිනමාව වෙත එක් වූ රන්ජන් රාමනායකට කිසිදා සිනමාවේ දී විජය කුමාරතුංග කෙනෙක් වන්නට නොහැකි විය. තමිල්නාඩු සිනමාපටයකට සමාන වන්ෂොට් නම් සිනමාපටයක් නිර්මාණය කළ රන්ජන් එහි එන චරිතයට ගිලී ගොස් ඒ ඔස්සේ දේශපාලනයට ආවේ …

Continue Reading

හිරුනිකා ඔයා කවුද?

හිරුනිකා පේමචන්ද්‍ර මෑත දී දේශපාලනයට ආ නිරූපිකාවකි. දැනුදු ඇය නිරූපිකාවකට වඩා වෙනස් නැත. නිරූපණය කරන දේවල් ටිකක් වෙනස් වී ඇති බව සැබෑ මුත් වැඩේ එක ය. ඇය පසුගිය දවසක තරුණයෙක් පැහැරගෙන යාමේ චෝදනාවට ඇප පිට නිදහස්ව සිටින්නී ය. ඇය අත්අඩංගුවට ගත් පොලිසියේ නිලධාරින් ඇයව ගෙන ගියේ ගමේ ජෙමයියා, සිමයියා කෙහෙල් කැණක් හොරාට කැපූ විට අල්ලාගෙන යන තාලයට නම් නොවේ. මඟුල් …

Continue Reading

ඔව් වෙල්ගම! අලුත් පක්ෂයක් අවශ්‍යයි තමයි!!

කුමාර වෙල්ගම මහින්ද රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ය. අලුත් පක්ෂයක් හදන්නට වලිකන පිරිස අතර ප්‍රමුඛයෙකි. ඇත්ත වශයෙන් ම පසුගිය දිනවල කුමාර වෙල්ගම අත්අඩංගුවට ගන්නට මූල්‍ය අපරාධ කොට්ඨාසය සැරසුණු අතර සන්ත්‍රාසයට පත් වෙල්ගම කලින් දවසක ගෝඨාභය ඉදිරිපත් කළ ජාතියේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළේ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ය. කිසිදා බලය නැති වෙන්නේ නැතැයි සිතමින් කටයුතු කළ වෙල්ගමලාගේ හොර සීරුවට හෙළිකරගන්නට …

Continue Reading

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි.ඇමැති බන්ධනාගාරගත වෙයිද?

පුවතට මෙවැනි සිරසක් යෙදුවාට චෝදනා ඔප්පු වී මෙවැන්නක් කිසිදා සිදුවේ යැ යි විශ්වාසයක් ඇත්තේ නැත. පසුගිය රජයේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වූයේ වත්මන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න ය. ඔහු සිවිල් ගුවන්සේවා ඇමැති ධුරයේ සිටිය දී කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සිදුව ඇත. බරපතළ මූල්‍ය අපරාධ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ඔහුගෙන් ප්‍රශ්න …

Continue Reading

රාජිතගේ රජ වැඩ!

ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට ඉල්ලා අස්වන්නැ යි රාජිත සේනාරත්න ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. ලොව අතිශය නිරනුකම්පීය ම සහ බරපතළ ම ජාවාරමක් වන්නේ ඖෂධ ජාවාරම යි. ඒ නිසාවෙන් ඖෂධ අධිකාරිය රටක ජන ජීවිතයට මහත් බලපෑම් කරන ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. රාජිත ඇමැතිවරයා මෙලෙස බලපෑම් කර ඇත්තේ …

Continue Reading

බස් ගිලපු තොණ්ඩමන්

තොණ්ඩමන්ලා පරපුරක් ලෙස පරපුටුවෝ බව කවුරුත් පාහේ දනිති. වතුකරයේ ජනතාවගේ සදාකාලික ප්‍රශ්න මතින් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන ඔවුහු සෑම කල්හි ම පවතින ආණ්ඩුව වෙත පක්ෂපාතී වී වතුකරය වෙත නොව තමන්වෙත වරප්‍රසාද වරදාන දිනාගත් උන් වෙති. වතුකරයේ ජනතාවගෛ් සුබ සිද්ධිය වෙනුවෙන් 2008 දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම බස් රථ 40 වරකට 20 බැගින් ලබා …

Continue Reading