ඔව් වෙල්ගම! අලුත් පක්ෂයක් අවශ්‍යයි තමයි!!

Spread the love

welgama

කුමාර වෙල්ගම මහින්ද රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ය. අලුත් පක්ෂයක් හදන්නට වලිකන පිරිස අතර ප්‍රමුඛයෙකි. ඇත්ත වශයෙන් ම පසුගිය දිනවල කුමාර වෙල්ගම අත්අඩංගුවට ගන්නට මූල්‍ය අපරාධ කොට්ඨාසය සැරසුණු අතර සන්ත්‍රාසයට පත් වෙල්ගම කලින් දවසක ගෝඨාභය ඉදිරිපත් කළ ජාතියේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළේ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ය.

කිසිදා බලය නැති වෙන්නේ නැතැයි සිතමින් කටයුතු කළ වෙල්ගමලාගේ හොර සීරුවට හෙළිකරගන්නට පරීක්ෂණ අංශ සමත්ව ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයට කොටස් ගෙන්වීම සඳහා පිහිටුවාගත් ප්‍රසම්පාදන මණ්ඩලයකින් ඔවුන්ට කැමති ආකාරයට ටෙන්ඩර් ලබා දී ඇත්තේ, මිල ගණන් කැඳවීම්වලින් තොරව ය. ඔවුන් විසින් පිහිටුවන සමාගමක් හරහා ලංගමයට අමතර කොටස් ගෙන්වා ඇති අතර ඒ සියල්ල ම ගෙන්වා ගෙන ඇත්තේ බදු රහිතව ය. එමෙන් ම අධික මිල ගණන්වලට ගෙන්වා ඇති එම කොටස් බාල ඒවා බව තහවුරු වී ඇත.

වැදගත් ම කරුණ නම් ඇමතිවරයා/ අමාත්‍ය ලේකම්වරිය/ ලංගම සභාපති යන අය කොමිස් මුදල් ලබාගෙන ඇති බවට ලැබී ඇති ලිඛිත සාක්ෂීන් ය. එහි ඇමැතිවරයාට 7%ක කොමිස් මුදලකුත් ලේකම්වරියට 2% කොමිස් මුදලකුත් සභාපතිවරයාට 2% කොමිස් මුදලකුත් යනුවෙන් බෙදී ගොස් ඇත. මේ සියලු ගනුදෙනුවලින් 30% කොමිස් සඳහා වෙන් කර තිබූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

කුමාර වෙල්ගමගේ ලේකම්වරිය වූයේ, ඔහුගේ ඥාති දියණිය වන ප්‍රදීපිකා වෙල්ගම නමැත්තියයි. ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශෂී වෙල්ගම නම් ඔහුගේ ඥාති පුත්‍රයා යි. කාරණය පැහැදිලිය.

අලුත් පක්ෂයක් නොව මේ වෙලාවේ පිදුරු ගසක් වුව ප්‍රමාණවත් ය.

RSL

Related Posts