විනිසුරු තිළිණ නුදුරේ ම අත්අඩංගුවට!
අලි ජාවාරමට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ දිනවල අත්අඩංගුවට ගැනෙන්නේ ය. උඩුවේ ධම්මාලෝක හිමි පසුගිය දා අත්අඩංගුවට පත් විය. අලි රොෂාන් අත්අඩංගුවට පත් වී ඇප පිට නිදහස් වූයේ ය. විනිසුරු තිළිණ ගමගේ යනු පෙර මහින්ද පාලන කාලයේ බොහෝ බලවතෙකි. විනිසුරු ආචාර ධර්ම තඹ දොයිතුවකට මායිම් නොකළ අයෙකි. නිල රිවොල්වර සමඟ නයිට් ක්ලබ් ගොස් ගැටුම් ඇති කරගත් අයෙකි. අලි පැටවෙක් නීති විරෝධීව …
Continue Reading
උඩුවේ හිමි ඇඬුවේ ඇයි? – එහිමි අලි ජාවාරමට ද සම්බන්ධ සේක!
උඩුවේ ධම්මාලෝක හිමි මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ය. ඒ නීතිවිරෝධීව වන අලි පැටියෙකු ලඟ තබා ගැනීම හේතුවෙනි. ඉතාම හාස්‍යජනක ලෙස එය එසේ නොවෙතැ යි කියන්නට දත කෑව ද උන්නාන්සේ හත් පොළේ ගා ගැනීමට වඩා දෙයක් කරගත්තේ නැත. එහෙත් බරපතළම කරුණ නම් එය නොවේ. අලි පැටියෙක් තබාගන්නවාට අමතරව අලි රොෂාන්ලා සමඟ අලිපැටවුන් ජාවාරම් කරන්නට ද …
Continue Reading
“මගෙ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි!”
ඉතාලියේ හිටපු තානාපති හේමන්ත වර්ණකුලසූරියට එරෙහිව පැවරූ මූල්‍ය වංචා නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති වෙත යොමු කර ඇති ලිපිගොනුව කලක් තිස්සේ එහි නැවතී තිබෙන බවට වාර්තා වෙයි. හේමන්ත වර්ණකූලසූරියට එරෙහිව යූරෝ 93,313.08ක් එනම් රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ නඩුව පවරා ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණකාධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප …
Continue Reading
උඩුවේ හිමිට නඩු!
වන අලි පැටියෙක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීම ගැන කිරුළපන ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳ ව උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට එන බව ආරංචි වීමෙන් පපුවේ අමාරුව හදාගත් සේක. ඉන් පසුව ළහි ළහියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ උන්නාන්සේ තම මධුර කටහඬන් කියා සිටියේ කවුදෝ කෙනෙක් බලු පැටවුන් මෙන් අලි පැටියා තමන්ගේ පන්සලේ දමා ගොස් තිබූ නිසා කවා-පොවා හදා-වඩා ගත් …
Continue Reading
මහාමාර්ගයේ කන්දොස්කිරියාවට වැට බැඳෙයි!
අධික ශබ්ධයෙන් යුත් වාහන නලා මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය වැලැක්වීමට හෙට දින (පෙබරවාරි 19) මධ්‍යම පරිසර අධිකාරිය මගින් වැටලීම් සිදු කරන බව වාර්තා වෙයි. ජාතික පාරිසරික පනතේ නෛතික ප්‍රතිපාදන අනුව වන හඬ සීමාවන් උල්ලංඝනය කෙරෙන වාහන ඒ අනුව වැටලීමට ලක් වෙයි. මෙම වැටලීම් සිදු කිරීම අතිශයින් වැදගත් කටයුත්තකි. මෙරට රිය පදවන බොහෝ දෙනෙක් වැඩියෙන් ම භාවිත කරන වාහනයේ ඇති …
Continue Reading
මුසාවාදා වේරමණී සික්ඛා පදං
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එන පාලි ගාථාවෙන් කියවෙන ශික්ෂා පදයෙහි අර්ථය මම බොරු නොකීම නමැති ශික්ෂා පදයට එකඟ වෙමි යන්නයි. එය කෝටියක් සංවර ශීලය රකින භික්ෂූන් වහන්සේලා පමණක් නොව සාමාන්‍ය ගිහියන් පවා පිහිටා සිටිය යුතු යැ යි බුදු දහමේ එන මූලික ශීලයන්ගෙන් එකකි. උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගිය කාලයේ හොර අලි කෙළියෙන් අලි පැටියෙක් ළඟ තබා ගත් බව ප්‍රසිද්ධ …
Continue Reading
සරත් එන්. සිල්වා යනු සැබැවින් ම මිනිසෙක් ද?
මෙරට නීති ඉතිහාසයේ අපකීර්තිමත් අගවිනිසුරුවරයා සරත් එන්. සිල්වා ය. ඔහුට එරෙහිව පළිගැනීමේ චෝදනාදිය විශාල ගණනකි. ඔහුගේ දේශපාලන ගේම් ආදිය ද එතරම් ම විශාල ගණනකි. අප ඒවා ගැන කිසිවක් ලියන්නට නොයන්නේ ඇයි? වෙනත් කටයුත්තකට අපට ඇති කාලය ඒවා ලියන්නට යෑමෙන් අපතේ යන නිසා ය. සරත් එන්. සිල්වා කවරෙක් ද යන්න රාවය කර්තෘ වික්ටර් අයිවන් ඇති පදම් ලියා තිබේ. සරත් එන්. සිල්වා …
Continue Reading
චෞර සේනාංකයේ භාෂ්වර සේනාංක දැන් කොහෙද?
භාෂ්වර සේනාංක ගුණතිලක යනු, මහින්ද රාජපක්ෂ රජයේ මහ බලවත්ව කටයුතු කළ අයෙකි. අමාත්‍යංශ කිහිපයක විවිධ ආයතනවල සභාපතිත්වය දැරූ ඔහු සිටියේ ඇමැතිවරයෙක්ට වඩා ගරු ගාම්භීරව ය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාව සිටිය දී ගිනි අවි දැරූ පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව තමා වෙනුවෙන් සපයා ගත් බව අපි දනිමු. කෙසේ වෙතත්, මේ බොහෝ එකල බලවතුන් දැන් ඉන්නවා ද මළා දැ යි නොදන්නා ගාණ ය. භාෂ්වර …
Continue Reading
විනිසුරු තිලිණගෙන් නැවතත් චණ්ඩි පාට්!
තිලිණ ගමගේ යනු මහේස්ත්‍රාත්වරයෙකි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරෙක් ලෙස ප්‍රකටව සිටියෙකි. පසුගිය සමයේ නීතිවිරෝධී ලෙස මහරගම නීලම්මහර පාරේ සිය නිවසේ අලිපැටියෙකු ලඟ තබාගෙන සිටි අයෙකි. ඒ රාජපක්ෂ ආණ්ඩු සමයේ කැලෑ නීතිය රටේ බලපැවැත්වූ නිසා ය. මේ කාලය යනු මහේස්ත්‍රාත්වරුන්ට කැරොකො වසන්තලා ජොනි වෝකර් ගෝල්ඩ් ලේබල්වලින් සංග්‍රහ කළ කාලය යි. බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ රහස් අපට ද අවැසි නම් හෙළිදරව් කළ …
Continue Reading
සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න!
කඩදාසි කොළයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් …
Continue Reading