විනිසුරු තිළිණ නුදුරේ ම අත්අඩංගුවට!

Spread the love

HUNUWATAYA

අලි ජාවාරමට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ දිනවල අත්අඩංගුවට ගැනෙන්නේ ය. උඩුවේ ධම්මාලෝක හිමි පසුගිය දා අත්අඩංගුවට පත් විය. අලි රොෂාන් අත්අඩංගුවට පත් වී ඇප පිට නිදහස් වූයේ ය.

විනිසුරු තිළිණ ගමගේ යනු පෙර මහින්ද පාලන කාලයේ බොහෝ බලවතෙකි. විනිසුරු ආචාර ධර්ම තඹ දොයිතුවකට මායිම් නොකළ අයෙකි. නිල රිවොල්වර සමඟ නයිට් ක්ලබ් ගොස් ගැටුම් ඇති කරගත් අයෙකි. අලි පැටවෙක් නීති විරෝධීව ළඟ තබාගෙන සිටියෙකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ ලේඛන ද බොරු බව ඔප්පු විය. ඒ මදිවාට තම අලි පැටියා බලන්නට ගොස් ඇත් අතුරු සෙවණේ දී නැවත ගැටුමක් ද ඇති කරගත්තේ ය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැ යි කියමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ද විනිසුරාගේ පෙත්සම අධිකරණය නිෂ්ප්‍රභ කළේ ය.

අපට දැන ගන්නට ලැබෙන පරිදි මෙකියන විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම නුදුරු සතියේ දී සිදුවනු ඇත.

මෙම සිදුවීම ඇසෙන විට අපට හෙන්රි ජයසේනයන් පරිවර්තනය කළ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ හුණුවටයේ නාට්‍යයේ කොටසක් සිහියට එයි!
නිකමට වගේ අපි එය සටහන් කරන්නෙමු. මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නැත.

“හැමදාමත් නඩුකාරයා කියන්නෙ හොරෙක්. ඔන්න මේ පාර ඒ සම්ප්‍රදාය තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල හොරෙක් නඩුකාරයෙක් උනා……”

RSL

Related Posts