ප්‍රදේශීය සංවර්ධන ඇමැතිගෙන් ජාත්‍යන්තර ප්‍රකාශයක්!

Spread the love

Sarath-Fonseka-Democratic-party-DP

හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ තම මංගල කතාව සිදු කළේ ඊයේ ය. එය හරියට ම කියනවා නම් දෙබරයට බෝම්බයක් ගැසුවා වැනි කතාවකි. පැරණි ගීත කණ්ඩයක් පවා කියමින් කතාව කළ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් කළේ ය.
එනම්, 2005 ජනපතිවරණයේ දී උතුරේ ඡන්දය දැමීම වැළැක්වීම වෙනුවෙන් ඩොලර් මිලියන 05 එල්.ටී.ටී.ඊයට ප්‍රදානය කිරීමට මහින්ද ක්‍රියා කළ බව ය.

හිටපු හමුදාපතිවරයා කරන ලද මෙම ප්‍රකාශය කිසිසේත් සරල නොවේ. මහින්ද රාජපක්ෂලා විසින් පෙන්නාලන ලබන ඊනියා දේශප්‍රේමය මේ අනුව නැවත ප්‍රශ්න කෙරෙන බව කිව යුතු ය. ඒ මුදල් දීම පමණක් නොවේ. සුදු කොඩි සිද්ධිය ගැන ද ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍යබව පවා සරත් ෆොන්සේකා කියා සිටියේ ය.

ඇත්ත වශයෙන් ම තවදුරටත් මහින්ද රාජපක්ෂලාට ඊනියා දේශප්‍රේමයක් නඩත්තු කළ හැකි ද? කොටින්ට මහින්දලා මුදල් දුන් බවට චෝදනා එල්ල වූයේ මෙවර පමණක් නොවේ. ටිරාන් අලස් ද මූලිකත්වය ගත් රාඩා ආයතනය හරහා මිලියන ගණනක් එල්.ටී.ටී.ඊයට දුන් බව මෙයට පෙරද චෝදනා එල්ල විය. පපුවට ගසාගෙන දේශප්‍රේමය වේදිකාවල කෑ ගසන මහත්වරුන්ගේ පැටිකිරිය මෙබඳු ය.

RSL

Related Posts