විනිසුරු තිලිණගෙන් නැවතත් චණ්ඩි පාට්!

Spread the love

thilina

තිලිණ ගමගේ යනු මහේස්ත්‍රාත්වරයෙකි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරෙක් ලෙස ප්‍රකටව සිටියෙකි. පසුගිය සමයේ නීතිවිරෝධී ලෙස මහරගම නීලම්මහර පාරේ සිය නිවසේ අලිපැටියෙකු ලඟ තබාගෙන සිටි අයෙකි. ඒ රාජපක්ෂ ආණ්ඩු සමයේ කැලෑ නීතිය රටේ බලපැවැත්වූ නිසා ය. මේ කාලය යනු මහේස්ත්‍රාත්වරුන්ට කැරොකො වසන්තලා ජොනි වෝකර් ගෝල්ඩ් ලේබල්වලින් සංග්‍රහ කළ කාලය යි. බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ රහස් අපට ද අවැසි නම් හෙළිදරව් කළ හැකි ය.

අධිකරණය තීන්දු කළේ මෙසේ නීතිවිරෝධීව රඳවාගෙන සිටින අලිපැටවුන් සියලු දෙනා භාරයට ගෙන පින්නවල අලි අනාථාගාරයට ඇතුල් කරගන්නා ලෙස ය. මෙලෙස තිලණ ගමගේ භාරයේ සිටි නීතිවිරෝධී අලිපැටියා ද රැගෙන ගොස් පින්නවල අලි අනාථාගාරගත කෙරුණි. ජනවාරි මාසයේ දිනක තිළිණ ගමගේ එහි ගොස් ඇත්තේ ගිනි අවියක් සහිත ආරක්ෂකයෙකු ද සමගිනි. අනාථාගාරයට අලින් ඇතුල්කරගන්නා දොරෙන් මොන්ටෙරෝ රථය ඇතුල් කළ හේ එහි පාලිකාවකට ද තර්ජනය කර වැරදි පහක් කර ඇතැයි පැවසෙයි. මේ පිළිබඳව විමර්ශනය කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස අද(12) කොටුව මහේස්ත්‍රත්වරයාගෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප පීරිස් මහතා විසින් ඉල්ලා ඇත.

තිලිණ ගමගේලා දැමූ චණ්ඩි පාට් තවම අවසන් වී නැත. මේ උන්දලාට එරෙහිව නිවැරදි ලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?

RSL

Related Posts