ආගන්තුක බුලත් විටට වැට බැන්දත් සාම්ප්‍රදායික බුලත් විටට තහනමක් නෑ
2016 අංක 01 දරන තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි මගින් සම්ප්‍රදායික බුලත්විට ට කිසිදු බලපෑමක් ඇති නොවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 2016 අංක 01 දරන තහනම් දුම්කොල නිෂ්පාදන පිළිබඳව 2016.09.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසිය හා සම්බන්ධවයි. පසුගිය දශකයක …
Continue Reading
තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත CIDයට
රාජපක්ෂ රෙජීම පාලන සමයේදී සැලසුම් සහගතව ඝාතනය කළ බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ශිරන්ති රාජපක්ෂට අද (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට හෙට (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් …
Continue Reading
මහේන්ද්‍රන්ගේ සියලු සන්නිවේදන උපකරණ බැඳුම්කර කොමිසමට භාරදීමට නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 2015 සිට වසර 2016 දක්වා භාවිතා කරන ලද සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන අංශය වෙත වහාම භාරදෙන ලෙසට බැඳුම්කර කොමිසම ඊයේ (26) නියම කෙළේය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොමිසම ඊයේ පෙරවරුවේ මෙම නියෝගය කළේය. මෙතෙක් කරන …
Continue Reading
ඇමති රවී බැඳුම්කර කොමිසමට එන දවසට කරුණු කියයි
-
RSL
-
July 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු මුදල් අමාත්‍ය මෙන්ම වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට අද(26) දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. අද(26) දිනයේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බැඳුම්කර කොමිසම මඟින් සිතාසි යවා තිබුණද අද දිනයේ ඒ මහතාට …
Continue Reading
ජනපති මැදිහත් වීමෙන් ඛනිජ තෙල් වර්ජනය නවතී
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ අද(26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක් ගත වෙන බව ද අදාළ බලධාරීන් පවසයි. මේ අතර ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයට එකගත්වයකට පැමිණි …
Continue Reading
සයිටම් සඳහා අලුත් පාලක මණ්ඩලයක්; මසකට නඩත්තු සඳහා රු.මි. 200 ක්!
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් 2017 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එමෙන්ම මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් …
Continue Reading
L.T.T.E ය තහනම් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවතට
යුරෝපා සංගමය විසින් එල්.ටී.ටි ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරයි. 2009 දී යුධමය වශයෙන් පරාජයට පත්කල එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් , තවදුරටත් ප්‍රහාර එල්ලවිය හැකි බව කිසිඳු සාක්ෂියක් නොමැති වීම නිසා එම පියවර ගත් බව යුරෝපා අධිකරණය පවසයි. යුරෝපා අධිකරණයේ නියමය පරිදි එල්.ටී.ටී ඊ සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයෙන් ඉවත් කරනු ඇත. මේ අනුව යුරෝපයේ තහනම් කර තිබූ එල්.ටී.ටී.ඊ යට අයත් …
Continue Reading
තාවකාලිකව වර්ජනය නවතී ඛණිජතෙල් අත්‍යවශ්‍ය සේවා නැවතත්
-
RSL
-
July 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තුරු අද සවස 6.30 වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකඟ වී තිබේ. එමෙන්ම කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා යුද හමුදා මැදිහත්වීමෙන් මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. මේ අතර මීට ස්වල්ප මොහොතකට පෙර ඛණිජ තෙල් …
Continue Reading
ඛනිජ තෙල් වර්ජනය දිග් ගැස්සෙයි
-
RSL
-
July 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සේවකයින් පෙරේදා (24 දා) සිට ඇරඹූ අඛණ්‌ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසති. සිය ඉල්ලීම් සම්බන්ධව මේ වනතෙක් රජයේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ නියෝජිතයෙක් ඊයේ (25 දා) පැවැසීය. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය චීනයට ලබානොදීම, ත්‍රිකුණාමලය හා සපුගස්‌කන්ද තෙල් …
Continue Reading
බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්! (විශේෂ)
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද ‘ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම’ ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය ජනාධිපති බැඳුම්කර කොමිසම සමච්චලයට ලක්කරමින් එම විමර්ශනය නොමඟ යැවීම සඳහා සිදුකර ඇතිබවට මේ වන අනාවරණය වෙමින් තිබේ. බැඳුම්කර කොමිසමේ මුතුකුඩආරච්චිගේ …
Continue Reading