සයිටම් සඳහා අලුත් පාලක මණ්ඩලයක්; මසකට නඩත්තු සඳහා රු.මි. 200 ක්!

Spread the love

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් 2017 අ‍ගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

එමෙන්ම මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් මිලියන 200 බැගින් ප්‍රතිපාදන සැලසීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙන බව අද(26) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව 2017 අගෝස්තු මස 01 දින සිට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදනු ලබයි.

අති නවීන පහසුකම්වලින් සමන්විත එම රෝහල ගුණාත්මක බවින් ඉහළ රෝගී සත්කාරක සේවාවක් සපයනු ලබන ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යාමට මේ තුළින් අපේක්ෂා කරන අතර ඒ සඳහා එම රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

RSL

Related Posts