සයිටම් වෙනුවෙන් කඩේ යන ආණ්ඩුවේ නින්දිත ප්‍රහාරයට එරෙහිව දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්

විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(21) දිනයේ දී විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයට එල්ල වු පහර දීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට රජයට විසින් කඩිනමින් ක‍්‍රියාමාර්ගයක් ගැනිමට බලකරමින් මෙම වැඩවර්ජනය පවත්වන බව එම සංගමය නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙම …

Continue Reading

සරසවි සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්; 80කට අධික පිරිසක් රෝහලේ (Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් අද විරෝධතාවයේ නිරත වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වු නොසන්සුන්තාවය අතර තුර තුවාල ලැබූ සරසවි සිසුන් 80 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිසුන් සවස සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර මාර්ගය සම්පූර්ණයෙන් අත්පත් …

Continue Reading

අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 22ක් අත්අඩංගුවට

මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන් කරන එම කොමිසම පෙන්වා දෙන්නේ ඉන් පැමිණිලි 20ක් සම්බන්ධයෙන් සාර්ථකව වැටලීම් සිදුකළ බවයි. මින් වැඩිම පැමිණිලි පොලිස් දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව ලැබී …

Continue Reading

ශ්‍රී ලංකන් ගැන තීරණාත්මක තීන්දුවක්!

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ …

Continue Reading

බවුන් වැඩි එහිමි ඥානසාර යදම් බිඳින්නට අධිකරණයට වැඩිසේක!

මෙතෙක් දිනක් අතුරුදන්ව අධිකරණය මඟහරිමින් සිට ආරක්ෂාව සහතික වන තුරු බවුන් වඩමින් සිටින බවට වාර්තා වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් එහිමි ඥානසාර අධිකරණයට බාරවී තිබේ. අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන් අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරව ඇත. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද …

Continue Reading

මම ජනාධිපති වෙලා ඉන්නකම් කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති

තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …

Continue Reading

බස් ගාස්තු 6.28% කින් ඉහළට

2017 ජූලි මස 01 වන දා සිට බස් ගාස්තුව සියයට 6 දශම 28 කින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව අදාළ දින සිට අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 10 දක්වා වැඩි කිරීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Continue Reading

දුම්රිය වර්ජනය නවතියි

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි. ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද හිමි වී තිබිණි.

Continue Reading

‘වෙන දේ බලා ගනිව්!’ පෝද්දල ජයන්ත රෙජීමයක භීෂණය හෙළි කරයි

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති පෝද්දල ජයන්ත අද (2017 ජුනි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙසේ රහස් පොලිසියට ගියේය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට …

Continue Reading

අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ ගැන සඳහන් කරමින් ඔබ කොහොමද මේ ලේඛනය ගෙන්වා …

Continue Reading