පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පිල

බහමාස් හී මේ මස 19 සිට 23 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28ක් තෝරා ගැනෙති. වයස අවුරුදු 14 හා 18 අතර ක්‍රීඩකයන් 20ක් හා ක්‍රීඩිකාවන් 8ක් මේ කණ්ඩායමට ඇතුළත් වෙති. මලල ක්‍රීඩා, සත් සාමාජික රගර්, බොක්සිං, ජූඩෝ, පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නියෝජනය කරති. මලල ක්‍රීඩා ඉසව්වවලට …

Continue Reading

මහනුවරදී අද මහ සඟරුවන මුණගැසෙන ජනපති

බුද්ධාගමට සහ බෞද්ධ විහාරස්‌ථානවලට වර්තමානයේ මතුවී තිබෙන ගැටලු හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය අද (06දා) මහනුවරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. මේ සාකච්ඡාව මහනුවර ජනාධිපති මන්දිරයේදී අද පස්‌වරුවේ පැවැත්වේ. මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්‌ථාවට සහභාගිවීමට නියමිතය.

Continue Reading

සයිටම් හොර උපාධි කඩය අනිවාර්යෙන්ම වසා දැමිය යුතුයි – ඇමති දයාසිරි ජයසේකර

සයිටම් අර්බුදයේදී අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. දෙමාපියන් වෙනුවෙන් ඉන්නවා. දරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා ත්‍රස්‌තවාදීන් විදියට හැසිරෙන්නෙ නැතිව කරන සාධාරණ උද්ඝෝෂණවලට අපි සියලු දෙනා සහයෝගය දෙනවා. මේ සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා වැඩි කල් නොගොස්‌ මමත් එළියට බහින්න සූදානම්” යෑයි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක්‌ අවසානයේ මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. තවදුරටත් මාධ්‍ය වෙත …

Continue Reading

ජනපතිගෙන් කැබිනට්ටුවේදී සැර ප්‍රකාශයක්

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) තමන් යටතට පත් කළොත් මාස තුනකින් හොරු අල්ලා පෙන්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ. ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පළ කොට ඇත. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය …

Continue Reading

අපේ හමුදා යුද අපරාධ කරන පිරිසක් නොවෙයි – නව යුද හමුදාපති

ශ්‍රි ලංකා යුද හමුදාවේ ශක්තිය විනය හා කැපවීම බවත් ඒ කාරණා දෙක නොමැතිව යුද හමුදාවක් නිර්මාණය නොවන බවත් නිල ඇඳුමක් ඇඳ ගත් පමණින් එම කාරණා ඉටු නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද(05) උදෑසන සිය නව ධුරයේ වැඩ බාර ගනිමින් හමුදාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. යුද …

Continue Reading

ඩෙංගු මදුරුවා පාසැල් නිල ඇඳුම තාවකාලිකව වෙනස් කරයි

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇති බව වාර්තාවේ. රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිලඇඳුමක් එම සිසුන්ට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින …

Continue Reading

මාධ්‍යවේදිනියගේ ඝාතනයේ සැකකරුට මරණ දඩුවම

2014 පෙබරවාරි 2වන දින මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර මෙනවිය( 40 හැවිරිදි) ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටි තරුණයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. දොම්පේ පදිංචි ඇන්තනී ජෝර්ජ් නමැත්තාට විරුද්ධව අධි චෝදනා තුනක් නීතිපතිතුමා විසින් ගොනුකර තිබුණා. බත්තරමුල්ල ප්‍රදේශයේ සොරකමකට නිවසකට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී තිබුණේ. නඩුව අද …

Continue Reading

සයිටම් උපාධි කඩයට එරෙහි වෛද්‍ය වර්ජනයට තාවකාලික විරාමයක්!

උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා හා අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් සමඟ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් අද (05දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය සතියක කාලයක්‌ සඳහා අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා අතර …

Continue Reading

බැඳුම්කර කොල්ලයේදී බෑනාගේ සමාගමට අධික ලාභ ලැබෙන සේ අර්ජුන් තීන්දු තීරණ වෙනස් කළ බවට සාක්ෂි දෙයි

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා වුවද ඔහු වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවේ එහි පැමිණ තම බෑනාගේ සමාගමට අදහාගත නොහැකි අධික ලාභ ලැබෙන සේ එහි තීන්දු තීරණ වෙනස් කරවීම කිසිසේත්ම සාධාරණ සිද්ධියක් නොවන බවද එය එදින සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය පුරා ළැව්ගින්නක් සේ පැතිර ගිය අතිමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවද අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේ‍යෂ්ඨ අතිරේක අධ්‍යක්ෂිකා ස්ටෙෆානි ප්‍රනාන්දු …

Continue Reading

ජනාධිපති ලේකම් ඇතුළු තවත් තිදෙනෙකුට නව පත්වීම්

නව ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලු පිරිස අද (04) උදෑසන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව නව ජනාධිපති ලේකම් ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු, නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කපිල වෛද්‍යරත්න, නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ලෙසන නව පත්වීම් ලබාගෙන ඇත.

Continue Reading