ඩෙංගු මදුරුවා පාසැල් නිල ඇඳුම තාවකාලිකව වෙනස් කරයි

Spread the love

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇති බව වාර්තාවේ.

රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිලඇඳුමක් එම සිසුන්ට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දික් කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් තාවකාලික විසඳුමක් ලෙස යෝජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී පාසල් වෙත යොමු කරන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

අමාත්‍යවරයා මේබව පවසා ඇත්තේ පාසල් ජල හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩසටහන සඳහා මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ඒ අනුව පාසල් 1633ක් සඳහා රුපියල් මිලියන 1869 ක මුදලක් ඊයේ(04) දිනයේත් අද(05) දිනයේත් බෙදා දීමට නියමිත බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත.

RSL

Related Posts