අපේ හමුදා යුද අපරාධ කරන පිරිසක් නොවෙයි – නව යුද හමුදාපති

Spread the love

ශ්‍රි ලංකා යුද හමුදාවේ ශක්තිය විනය හා කැපවීම බවත් ඒ කාරණා දෙක නොමැතිව යුද හමුදාවක් නිර්මාණය නොවන බවත් නිල ඇඳුමක් ඇඳ ගත් පමණින් එම කාරණා ඉටු නොවන බවත් නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

අද(05) උදෑසන සිය නව ධුරයේ වැඩ බාර ගනිමින් හමුදාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

යුද අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කරන කණ්ඩායම් එම අදාළ අවස්ථාවල එම ස්ථානයන්ගේ සිටියේ ද යන්න ගැටළුවක් බවත් කිසිසේත් තම නිලධාරීන් එවැනි පිරිසක් නොවන බවත් සේනානායක මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් තමා නව ධූරයට පත්ව පැය කිහිපයක් ගතව තිබිය දී තමාගෙන් විශාල දෙයක් බලාපොරොත්තු වන බවත් එය හමුදාපති වශයෙන් විශාල වගකීමක් බවත් පැවසු සේනානායක මහතා කියා සිටියේ සෙබළුන් රටේ නිති දෙකකට යටත් පිරිසක් නිසාවෙන් අඩුවෙන්ම වැරදි සිදුවන්නේ ඔවුන් අතින් බවත් යම් හෙයකින් යුද අපරාධ සිදු කළ බවට තහවුරු වුවහොත් අදාළ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

RSL

Related Posts