සයිටම් හොර උපාධි කඩය අනිවාර්යෙන්ම වසා දැමිය යුතුයි – ඇමති දයාසිරි ජයසේකර

Spread the love

සයිටම් අර්බුදයේදී අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. දෙමාපියන් වෙනුවෙන් ඉන්නවා. දරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා ත්‍රස්‌තවාදීන් විදියට හැසිරෙන්නෙ නැතිව කරන සාධාරණ උද්ඝෝෂණවලට අපි සියලු දෙනා සහයෝගය දෙනවා.

මේ සයිටම් අර්බුදය විසඳා ගැනීම සඳහා වැඩි කල් නොගොස්‌ මමත් එළියට බහින්න සූදානම්” යෑයි කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක්‌ අවසානයේ මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

තවදුරටත් මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවැසීය.

සයිටම් සම්බන්ධව මතය බොහොම පැහැදිලිව කියල තියෙනවා. සයිටම් නවත්වන්න ඕන කියන එක. මෙය ආණ්‌ඩුවේ මතය නොවෙන්න පුළුවන්. නමුත් අපි ඒ වෙනුවෙන් සටන් කරනව. මොකද හේතුව ඉන්දියාවෙ මේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල 579 ක්‌ තියෙනවා. එවායෙන් එළියට යන වෛද්‍යවරුන් සම්බන්ධව විශාල අර්බුදයක්‌ ඇතිවෙලා තියෙනවා.

ලංකාවේ මේ වගේ තත්ත්වයක්‌ ඇති නොවිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නෙ. දැනට තියෙන සංඛ්‍යාලේඛනවලට අනුව තව අවුරුදු දෙකතුනකින් වෛද්‍යවරු 30000 ක්‌ විතර එළියට එනවා. ඉතින් මේ අයට අපි රස්‌සාවල් දෙන්න ඕන. ඔවුන් කොලිටියක්‌ ඇති වෛද්‍යවරු වෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ.

මම නම් සයිටම් එකට විරුද්ධව පෙනී ඉන්නවා. ඒ වගේම එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්‌ නොවෙයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක්‌ විය යුතුයි. ඒ සඳහා ආණ්‌ඩුව ඇතුළේ කරන්න යන සටන කරනවා ඒක ගැන මම කලබල වෙන්නේ නැහැ.

හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදිලා කළ ශිෂ්‍යයන්ගේ හැසිරීම මම අනුමත කරන්නෙ නැහැ. ත්‍රස්‌තවාදීන් වගේ අමාත්‍යාංශ අල්ලාගෙන වැඩ කරනකොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල ප්‍රශ්නයක්‌ ඇති වෙනවා. මමත් එළියට බහින්න සූදානම් වැඩි කල් යන්න කලින් මේ සයිටම් අර්බුදය විස¹ ගැනීම සඳහා.

අපි පුළුවන් තරම් ඉක්‌මනින් මේ ප්‍රශ්නෙ විසඳනවා. ආණ්‌ඩුව ඇතුළෙ යම් යම් මත ගණනාවක්‌ තියෙනව. පක්‌ෂ දෙක අතරෙ මතවාද තියෙනවා. ඒ වගේම සයිටම් අර්බුදය පිළිබඳ මත තියෙනව මේ ප්‍රශ්නය මේ ආණ්‌ඩුව ඇති කරපු ප්‍රශ්නයක්‌ නොවෙයි. වැරදි තීන්දුව ගත්ත එකේ වැරැද්ද. මේකට ශිෂ්‍යත්ව දුන්න, මේ වෙනුවෙන් කතා කරපු ඒකට රුපියල් මිලියන 600 ක්‌ ණය දුන්නු අය ඔක්‌කෝම අද සයිටම් එකට විරුද්ධයි ඉතින් මම නම් මේ කුහක දේශපාලනයට තමයි විරුද්ධ මම එදත් ඕකට විරුද්ධයි. අදත් විරුද්ධයි හෙටත් විරුද්ධයි.

මේ ආණ්‌ඩුවට මම කියන්නේ වහාම මේකට අපි විසඳුමක්‌ දෙන්න ඕන. තැන්නම් අර 88/89 වුණා වගේ භයානක තත්ත්වයක්‌ ඇතිවේවි මට හොඳට මතකයි එදා වෛද්‍ය විද්‍යාල අර්බුදයේ අපි හිටිය. ඒකේදිත්. අර්බුදය තමයි ඇති වුණේ. අවසානයේ මිනිස්‌සු දාස්‌ ගණනක්‌ මැරිලයි නතර වුණේ. ඒ නිසා මේ සයිටම් අර්බුදය වහාම විසඳන්න ඕන කියන තැන තමයි අපි ඉන්නේ.

RSL

Related Posts