එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!

මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, …

Continue Reading

දත් ගලවලා නැව් ගත්ත නැව්පතියා – පාර්ලිමේන්තුවේදී විමල්ගෙන් රාජිතට ප්‍රහාරයක් (Video)

වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරය ඉතා උණුසුම් වූ අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඇමති රාජිත සේනාරත්න මහතාට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති පුටුවේ හෝ සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් …

Continue Reading

මගේ සැත්කමට ලක්‍ෂ 100ක් ගත්තත් මගේ තීරණ නිසා පිළිකා රෝගීන්ට ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබා දෙනවා

මගේ හෘද සැත්කමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ 100 ක්‌ වැය කිරීම ගැන ඇතැමුන් මට චෝදනා කළත් මගේ තීන්දුවක්‌ නිසා ඇතැම් පිළිකා රෝගීන්ට රජයෙන් රුපියල් ලක්‍ෂ 100, ලක්‍ෂ 120 දක්‌වා ප්‍රතිකාර ලබාදීම ගැන කතා කරන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. මඩකලපුව නින්දවූර් රෝහල ඉදිකිරීම සඳහා පෙරේදා (04 දා) එක්‌වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ …

Continue Reading

ඇමති රාජිතගේ උද්දච්චකම ආණ්ඩුව අරාජික කරයි; රට පුරා වෛද්‍ය වර්ජන

වත්මන් යහපාලන රජයේ සෞඛ්‍යය අමාත්‍යවරයා වන දත් දොස්තර රාජිත සේනාරත්න විසින් ‘සයිටම් ප්‍රශ්නය’ විසඳනු වෙනුවට එය දිගින් දිගටම අවුල්කරමින් කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව අරාජිකත්වයට පත්වෙමින් තිබෙන අතර එහි පීඩනය සහ අපහසුතාවයට ජනතාව මුහුණදෙමින් තිබේ. මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25 වැනිදා) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ දැරූ වෑන් …

Continue Reading

පාඩු ලැබූ තම රෝහල වෙනුවෙන් නෙවිල් රජය සමඟ ගිවිසුමකට

සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු විසින් පාඩු ලබමින් රුපියල් කෝටි ගණනක ණය බරකින් යුතුව පවත්වාගෙන ගිය ඔහුගේ පුද්ගලික රෝහල අද(17) දින ගිවිසුමකට යටත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා එය රජය මත පටවා තිබේ. ඇමති රාජිත සේනාරත්නගේ සැලසුම් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දී රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස …

Continue Reading

ඇමති ජෝන්ගෙන් දත් දොස්තරට කනේ පහරක්!

දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයා වගේ තමා සෑම පක්‍ෂයකටම සම්බන්ධවූ අයකු නොවන බවද තමා එදත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අදත් එම පක්‍ෂයේම යෑයිද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා පවසයි. ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. මම දෙපිටකාට්‌ටු නැහැ. මම හැමදාම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ. මගේ කකුල් දෙකම තබා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මතයි. …

Continue Reading

සයිටම් ගැන ඇමති රාජිත ඇයි නිහඬ..??

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගියදා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ සිසුවෙකු විසින් අභියාචනාකරණයේ පවරන ලද නඩුවේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නොදන්නා බව පැවසීමත්, එම නඩුවේදී අමාත්‍යංශය මඟින් සිදුවිය යුතු කාර්යභාරය මඟහැරීමත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සංගමය සිය …

Continue Reading