සයිටම් ගැන ඇමති රාජිත ඇයි නිහඬ..??

Spread the love

මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගියදා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ සිසුවෙකු විසින් අභියාචනාකරණයේ පවරන ලද නඩුවේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නොදන්නා බව පැවසීමත්, එම නඩුවේදී අමාත්‍යංශය මඟින් සිදුවිය යුතු කාර්යභාරය මඟහැරීමත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සංගමය සිය අප්‍රසාදය පළකර සිටී.

එසේම සයිටම් සම්බන්ධයෙන් දොස්තර රාජිත සේනාරත්න මහතා පෙරේදා ජාතික පුවත් පතකට කළ ඇති ප්‍රකාශය සම්බන්ධයෙන්ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් දක්වා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැක්වූ සම්පූර්ණ අදහස පහතින්.

RSL

Related Posts