පාඩු ලැබූ තම රෝහල වෙනුවෙන් නෙවිල් රජය සමඟ ගිවිසුමකට

Spread the love

සැලකිය යුතු තරමේ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු විසින් පාඩු ලබමින් රුපියල් කෝටි ගණනක ණය බරකින් යුතුව පවත්වාගෙන ගිය ඔහුගේ පුද්ගලික රෝහල අද(17) දින ගිවිසුමකට යටත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අත්සන් තබා එය රජය මත පටවා තිබේ.

ඇමති රාජිත සේනාරත්නගේ සැලසුම් පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දී රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක සුගතදාස මහතා සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අත්සන් තබා ඇත.

මෙම රෝහල තුළින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත්, නිදහස් රෝහලක් වශයෙන් පාලන මණ්ඩලයක් මඟින් එය මෙහෙය වීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සඳහන් කර ඇත.

එමෙන්ම එම රෝහලේ සේවයේ නියුතු කිසිඳු සේවකයෙකු ඉවත් නොකරන බවද ඇමති රාජිත කියා සිටියේය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය තවදුරටත් දියුණු කර ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහය ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම රෝහලට චෝදනාවක්ව පැවති රෝගීන් නොමැතිවීම මෙම තීරණය තුළින් මඟහැරී යන බවත්, අගෝස්තු මස 01 වන දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රජය කළ ඉල්ලීමකට අනුව ආරම්භ කළ ආයතනයක් රජයට ලබාදීම සම්බන්ධයෙන් කණගාටුවක් නොමැති බවයි.

RSL

Related Posts