පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන බුද්ධි අංශ ලිපි මට ලැබුණේ නෑ; ගිය ඔක්තෝබර් සිට ජනාධිපතිවරයා මාව ආරක්‍ෂක කවුන්සිලයට කැදෙව්වෙත් නෑ..

පාස්කු ඉරු දින ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික හා රාජ්‍ය බුද්ධි සේවා යොමු කළ ලිපි තමන්ට හෝ අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට ලැබී නොතිබුණු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ‘‘එහෙම ලිපි ලැබිලා තිබුණේ නැහැ.අගමැති ආරක්ෂක අංශයටවත් ලැබිලා තිබුණේ නැහැ. එහෙම ලිපියක් ලැබිලා තිබුණා නම් මම අඩු තරමින් පොලිසියෙන් හරි අහල බලනවා,” යැයි අගමැතිවරයා මෙහිදී පැවසීය. අගමැතිවරයා ඒ බවක් ප‍්‍රකාශ කළේ, …

Continue Reading

අගමැති රනිල් ෂරියා විද්‍යාලය තවත් සයිටම් උපාධි කඩයක් බවට නිර්මාණය කරගන්න සැරසෙයි (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විදේශ ආයෝජකයින් දිරිගැන්වීම සඳහා යැයි පවසමින් ෂරියා විද්‍යාලය තවත් එක් සයිටම් උපාධි කඩයක් බවට නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය පිඹුරුපත් අනුකාරක සභා මඟින් සකස් කිරීමට උත්සහ දරන බවක් පෙනී යයි. එය පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී ෂරියා විද්‍යාලය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීමේදී අනාවරණය වී ඇත. මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අධ්‍යාපන හා මානව සංවර්ධන ආංශික කාරක සභාව ඉදිරිපත් කර …

Continue Reading

52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය (වීඩියෝ)

52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ‍ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ පැවැත් විය. සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නේ නොයිඳුල් සහල් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පිදීම මෙහිදී සිදු කෙරෙයි. ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ …

Continue Reading

ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය අත්‍යාවශ්‍ය මොහොතක්

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය. ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස්දෙනාම රිමාන්ඩ්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන …

Continue Reading

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපයත් එකඟ වෙයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ බවත්, ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ තීරණයකට එළඹීමට කටයුතු යොදන වග දැනුම් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ …

Continue Reading

ලොව හොඳම කාන්තා ජංගි අපෙයි; බොරුනම් අහන්න වික්ටෝරියා සීක‍්‍රට් එකෙන් – අගමැති රනිල්ගෙන් බිකිනි සඳහා අභියෝගයක් (වීඩියෝ)

අද කාන්තාවන් සදහා ලෝකයේ හොදම ජංගි මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. තමා පවසන්නේ බොරුවක් නම් හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාස්‍යයට ලක් කල බවත් ඔහු සදහන් කලේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ …

Continue Reading

මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ජාතික ප්‍රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

Continue Reading

ශ්‍රමය වෙනුවට දැනුම විකුණන ආර්ථිකයට මාරු වෙමු

අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Continue Reading

පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනපති, අගමැති, විපක්ෂනායක එකඟතාවයකට!

මීට පෙර මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි ජනාධිපති, අගමැති සහ විපක්‍ෂ නායක යන තිදෙනාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළකර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් සහ වැඩි බලතල සහිත …

Continue Reading