ලොව හොඳම කාන්තා ජංගි අපෙයි; බොරුනම් අහන්න වික්ටෝරියා සීක‍්‍රට් එකෙන් – අගමැති රනිල්ගෙන් බිකිනි සඳහා අභියෝගයක් (වීඩියෝ)

Spread the love

අද කාන්තාවන් සදහා ලෝකයේ හොදම ජංගි මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

තමා පවසන්නේ බොරුවක් නම් හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාස්‍යයට ලක් කල බවත් ඔහු සදහන් කලේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේ බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කල අවස්ථාවේදීය.

ඉන්දියාවේ තිරුපති කෝවිල වැද පුදාගෙන ‘තුලාබරන්’ පූජාවද සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ අගමැතිවරයා විසින් අමතමන ලද පළමු ප‍්‍රසිද්ධ උත්සවය මෙයයි.

ඔක්තොම්බර් 26 ගෙදර ගියේ නම් මෙම ජයග‍්‍රහණ නොලැබෙන බවද ඔහු සදහන් කලේය.

[https://youtu.be/5IKMNfCF4uc?t=76]

RSL

Related Posts