ජනපති පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සුදානම්! ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විධායක බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සූදානම් බව ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ සඳහා අද රාත්‍රී 8.30 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත. ඒ අනුව අද (09) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට නියමිතව ඇති අතර එය මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත …
Continue Reading
විමල්ටත් නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිකමක්; තවත් අමාත්‍යධුර 24ක් පුරප්පාඩුයි
නව රජයේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ අද(09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් තිබේ. ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇති අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි. මේ අනුව තවත් කැබිනට් අමාත්‍යධුර 08 ක් සහ නියෝජ්‍ය, රාජ්‍ය අමාත්‍යධුර 16ක් ඇතුළුව පුරප්පාඩුව පවතින ඇමති ධුර සංඛ්‍යාව 24 කි.
Continue Reading
නව රජයේ නව ඇමතිවරු අදත් දිවුරුම් දෙති
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙක් මිට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබිනට් අමාත්‍යවරුන්, බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය රාජ්‍ය …
Continue Reading
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙනවා
අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද දෙමළ ජාතික සන්ධානය අද(07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. “දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන …
Continue Reading
ජනපති, අගමැති, විපක්ෂ නායක එක්ව දීපාවලී සමරති
ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති මන්දිරයේදී ඊයේ(05) රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් එක්ව සිටියහ. රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බවත්, රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් …
Continue Reading
මගෝඩි ව්‍යවස්ථා සංශෝධනය හා වැරැදුණු කුරුමානම
2015 ජනවාරි 8 පැවැති මැතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි මස 9දා සවස 6.20ටය. ඉන් සුළු මොහොතකට පසු එම ස්ථානයේදීම එවකට විපක්ෂ නායකව සිටි පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් වූ ආසන 47ක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. ඒ වන විට ආසන 157ක බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඔවුන් සමඟ එක් වී …
Continue Reading
අපේ නව ආණ්ඩුවේ 113 ඉක්මවලා ඉවරයි; කරූට, සජිත්ට අගමැති කම ගන්න කියද්දී පස්ස ගැහුවා (වීඩියෝ)
නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය සම්පූර්ණ වී ඇති බවත්, ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(05) ‘රටම රකින ජනමහිමය’ රැළිය අමතමින් පැවසීය. ‘අගමැති ධුරය බාර ගන්න යැයි මාස 8 කට පෙර කතානායක කරූ ජයසුරියට තමා වැන්දේ නැති ටිකවිතරක් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයන් රටට ගැලපෙන්නේ නැති බවත් …
Continue Reading
මේ එකතුව කේලම්වලින් කඩන්න ඉඩ තියන් නෑ – අගමැති මහින්ද දැඩිව අවධාරණය කරයි (වීඩියෝ)
ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඓතිහාසික තීරණයට නැවත වතාවක් ගෞරව කරන බවත්, එය කිසිවෙකුගේ හෝ කේලම්වලින් කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. නව ආණ්ඩුවට සහය පළ කරමින් අද(05) පැවති “රට රකින ජන මහිමය” මහජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා වශයෙන් වසර 3 කට වැඩි කාලයක් රනිල් වික්‍රමසිංහ සමඟ සිට ගනු ලැබූ මෙම ඓතිහාසික තීරණය …
Continue Reading
රට රකින ජනමහිමය අද කොළඹට
එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “රට රකින ජන මහිමය” රැලිය අද(05) පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව ඉතාම නීත්‍යානුකූලයි. එමෙන්ම රටට ආදරය …
Continue Reading
පාර්ලිමේන්තුව නොවැ.14 වනදා වහාම කැඳවන ලෙස ජනපති කථානායකට නියෝග කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(I) අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට නියෝග කොට ඇත. ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මස 27 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් …
Continue Reading