මානෙල් පිළී ගඳ ම ය!
මහනෙල් සුවඳ ම ය කුඩමසු පිළී ගඳ ම ය යනුවෙන් කවියක කියවුණත්, මේ මානෙල් නම් පිළී ගඳ ඕසෙට වගුරුවා සිංගප්පූරු රටේ හිරබත් කන්නේ ය. නිදාන කතාව මෙසේ ය. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු කලකට වරක් විවිධ රටවල සංචාර කරති. මහජන මුදලින් කෙරෙන මෙවන් සංචාර කුණු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ වැඩමුළු ආදී නම් වලින් හැඳින්වෙන නමුත් ඇත්තට ම මේවා නම් විනෝද චාරිකා …
Continue Reading
මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන – තව මොන කතා ද?
රටක් පාර්ලිමේන්තුව යනු එරටෙහි උත්තරීතර ම ආයතනය තුනෙන් එකකි. එයින් සිදු කෙරෙන්නේ නීති සම්පාදනය යි. රටේ මූලික නීතිය වන ව්‍යස්ථාව ද සම්පාදනය වන්නේ එතැනිනි. එය ගරු කටයුතු, ගාම්භීර ස්ථානයක් ලෙස පෙර කළ පැවතිණි. දේශපාලන මතිමතාන්තර කවරක් වුව ද 1977ට පමණ පෙර කාලයේ එහි සිටියෝ ප්‍රබුද්ධයෝ ය. ආචාර්ය උපාධි, විදෙස් අධ්‍යාපනය ඔවුනට තිබුණු අතර ඔවුන් සාරයක් සහිත මිනිසුන් වූහ. එසේ පොතේ …
Continue Reading
තෙල් මිල අඩු නොකර ඉන්න – ආණ්ඩුවට ලැජ්ජ නැද්ද?
යහපාලන රජය පත් වී ජනතාවට ආර්ථික වශයෙන් ගෙන ආ කිසිදු සහනයක් නැත. කිසිදු පාරිභෝජන භාණ්ඩයක මිල අඩු වූයේ නැත. ගැසට් නිවේදන නිකුත් කළාට බඩු මිල අඩුවන්නේ නැත. අඩුවට දෙන්නට හැකි දෙයක්වත් දෙන්නට මේ ආණ්ඩුවට වුවමනාවක් නැත. ඒ ගැන කතා කරන්නට ද කිසිවෙක් නැත. මේ ගැන කතා කරතැයි සිතෙන වාම දේශපාලන පක්ෂවලින් විමසූ විට ඔවුන් සිටින්නේ, “ඡන්දෙ දුන්නානම් ප්‍රතිඵල බාර ගන්න” …
Continue Reading
තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය
මාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන බව පැහැදිලිව පෙනේ. රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙයට අදාළ මැදිහත්වීම ජනපතිවරයා සහ අගමැතිවරයා ද අත්හැර ඇතැයි කිව යුතු …
Continue Reading
ප්‍රාඩෝ 200 බදු නැතිව නිදහස් කිරීම විමර්ශනය කළ රේගු අධ්‍යක්ෂ මාරු කරයි!
නියමිත මිල ගණන්වලට අඩුවෙන් සඳහන් කරමින් ආනයනය කරන ලද ප්‍රාඩෝ රථ 200ක් බදු අය කරනොගෙන එමෙන් ම නිදහස් කර යැවීම අපි මෙයට පෙර වාර්තා කළෙමු. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට පවා ව්‍යාපාරික මුදල් අමාත්‍ය රවි කරුණානායකට සිදු විය. කෙසේ වෙතත්, ඒ නිදහස් කිරීමෙන් රජයට කෝටි ගණනක පාඩු සිදු විය. මේ සිද්ධිය ගැන විමර්ශන භාරව සිටි රේගු අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා …
Continue Reading
මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්
එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා මෛත්‍රීපාල සිරිසේන වෙතින් වියෝග කරනු ඇති බවට සැකයක් නැත. මන්දයත්, මේ සංයෝගය ඔස්සේ ඉතිහාසයේ සිදු වූ පරිදිම පෙර රජය විසින් …
Continue Reading
Cartoon: උදයගේ සදය සිනා
Continue Reading
ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?
නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම වෙන්ව තැබීම ශිෂ්ට සම්පන්න පාලනයක් සහිත රටවල් විසින් සිදු කර තිබෙන්නකි. ඒ ගැන සංවාදය පසෙක තබමු. ආණ්ඩුවට ඉතා හදිසියේ විසඳිය …
Continue Reading
බලපත්‍රලාභී චණ්ඩි!
ශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව මෙයට පෙර ද අප සඳහන් කළෙමු. ඇඹිලිපිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිදුවීමේ දී පමණක් නොව බොහෝ අවස්ථාවල පොලිසිය හැසිරෙන්නේ බලපත්‍රලාභී චණ්ඩින් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇඹිලිපිටිය නඩු කටයුත්තට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මැදිහත් වීම ද පමණට වැඩි දෙයකි. අනෙක් ශ්‍රී ලංකාවේ පොලිසිය ගොරකා දඩමස් කළ සහ දඩමස් ගොරකා කළ අවස්ථා ද සුලබ බව මතක් …
Continue Reading
ගොබ්බයෝ පාර්ලිමේන්තුවට යෑම හෙවත් හස්තවිකාර මුඛවිකාර!
විද්‍යුත් මාධ්‍යයන්වලට, විශේෂයෙන් ම රූපවාහිනී නාලිකාවලට ගොඩ වදින නූගත් තරුණයන් මේ වකවානුවේ කරන්නේ, නිවේදනය නොව හස්ත විකාර මුඛ විකාර පෑම ය. හිසෙහි ඇත්තේ ඉස්සාගේ මෙන් අසූචි ය. පාරිභෝජන ධනවාදයේ මේ කාර්තුවේ, එනම් පරිභෝජනයම ජීවිතය යැයි ජනතාවට ඒත්තු ගන්වන මූලිකයා වන්නේ රූපවාහිනිය යි. ඒ අස්සට ගොඩවෙන ගොබ්බයන් සියලුම වැඩසටහන් මෙහෙයවන්නට වැටෙන අතර දේශපාලන වැඩසටහන් කියා ගන්න ගොබ්බ සංවාද මෙහෙයවන්නට ද ඉඩ …
Continue Reading