මා හොද නැතැයි කියා ගේන්න හදන විකල්පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න එපා- ජනපති

තමන් හොඳ නැතැයි කියමින් තමන්ට විවේචනය කරමින් ජනාධිපති ලෙස පත් කිරීමට උත්සාහ කරන විකල්ප අයගෙන් මාධ්‍ය නිදහස බලාපොරොත්තු නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙය ජනාධිපතිවරණ වසරක් බවයි. මෑතක සිට මාධ්‍ය විසින් ඇතැම් පිරිස් තමන් විවේචනය කරමින් සිටින බව ද කී ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තු ගැන කතා බහක්ද …

Continue Reading

ආපදා කළමනාකරණයට සහය දුන් මාධ්‍යයට රජයෙන් සම්මානයක්!

2004 වර්ෂයේ සිදුවූ සුනාමියෙන් පසු බිහිසුණුම ස්වභාවික විපතට අපි මේ වනවිට මුහුණ දී සිටින්නෙමු. එය 2003 වර්ෂයෙන් පසු මෙරට ඇතිවූ විශාලතම ගංවතුරයි. 200ට වැඩි පිරිසකට මරු කැඳවමින් තවත් 100ට ආසන්න පිරිසක් අතුරුදන් කරවමින් ලක්ෂ හයක පමණ ජනතාවක් අවතැන් කරමින් ගලා ගිය ඒ මහා ජලකඳ තවමත් මුහුදට ගලාගොස් අවසන් නැත. මාතර හා ගාල්ල දිස්ත්‍රික් දෙකෙහි බොහෝ ප්‍රදේශ තවමත් ගංවතුරෙන් යටවී තිබේ. …

Continue Reading

අගමැති රනිල් මාධ්‍යයට අමුතුම කතාවක් කියයි

මහජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ජනතාවට වගකියන මාධ්‍යයක් වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට සකස් කළ වාර්තාව ලෝක ජනමාධ්‍ය දිනයේදී පෙරේදා(03) එළිදැක්වුණු අතර වසර එකහමාරකට ආසන්න කාලයක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව සැකසූ එම වාර්තාවෙන් මාධ්‍ය වෙනස් විය යුතු ආකාරය ගැන කරුණු 100 ක් ඇතුළත්ය. එහිදී විශේෂ දේශනයක් සිදුකළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමුතු තාලයේ කථාවක් කළේය. වික්‍රමසිංහ මහතාගේ එම සම්පූර්ණ කථාව අප …

Continue Reading

ස්වර්ණවාහිනී! හිඟාකන්න.. ඒක නම්බුයි!!!

ශ්‍රී ලංකාවේ කිසිදු වගකිව යුතු විද්‍යුත් මාධ්‍යයක් නොමැති බව අපි වගකීමෙන් කියන්නෙමු. වෙළඳ දැන්වීම් හිඟා කෑමට වඩා වෙන යමක් ඔවුන්ට ඇත්තේ නැත. අලුත් සංකල්ප නිර්මාණය කරන්නට සමත් හිස් ඇති මිනිසුන් නැති බැවින් හිස් මිනිසුන්ගේ හිස් සංකල්පවලට වැඩ කරන මේ හිඟන නාලිකා කටයුතු කරන්නේ පුදුම අත්තනෝමතික ආකාරයෙනි. එදිරිසිංහලාට අයත් ස්වර්ණවාහිනිය ද කැමරා ඔසවාගත් ගොබ්බයන් ලවා කලෙක සිට පාරේ කරන නෙයියාඩගමක් ඇත. …

Continue Reading