ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය.. (Photos)

අද(19) පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය. ජනාධිපතිතුමා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි. දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජීී.ජයසේන …

Continue Reading

මහාධිකරණයෙන් ජනපතිට හා අගමැතිට සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ. කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Continue Reading

නින්දා, අපහාස සහ අභියෝගවලට නොබියව රජයේ ගමන ඉදිරියටම ගෙන යනවා – ජනපති

අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවැති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය. එදා මහත්මා ගාන්ධිතුමන් කෙතරම් නින්දා, අපහාසවලට ලක්වූව ද අද එතුමාට මුළු ලෝකයම ගරු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද …

Continue Reading

ජනපතිගෙන් කැබිනට්ටුවේදී සැර ප්‍රකාශයක්

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) තමන් යටතට පත් කළොත් මාස තුනකින් හොරු අල්ලා පෙන්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ. ජුනි 30 වැනිදා කාලය අවසන් වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ගත් අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පළ කොට ඇත. දූෂණ විරෝධී ලේකම් කාර්යාලය …

Continue Reading

කෝටි ගණන් වංචා කළ අය විරෝධතා හමුවේ නිහඬයි – ජනපති

වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස අද පැනනැගී ඇති ජනතා විරෝධතා හමුවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ද වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදු කළ අය පිළිබඳ වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය. උමා …

Continue Reading

කුප්‍රකට සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලයේ සිට ජනපතිට තඟ දමයි (Video)

සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ මුදලාලි තැන්පත් කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දු නැමැත්තා අද (27) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යැ’යි පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට තඟ දමමින් තුට්ටු දෙකේ පාදඩ මැරයෙකු ලෙස හැසිරෙන අයුරු සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝග තමන් පිළිනොගන්නා බවත්, එම නීති තමාට අදාළ නොවන බවත්, සයිටම් විරෝධී වෛද්‍යවරු මුහුදේ ගිල්ලවා …

Continue Reading

දේශපාලන හස්තයන්ගෙන් මෙහෙය වන සරසවි සිසුන්ට මා ‍දොස් කියන්නේ නැහැ – ජනපති

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපතිවරයා පවසයි. ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමඟ යවමින් සිටින බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණ පිළිබඳ තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ද කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල …

Continue Reading

ලංකාවේ ප්‍රථම සහ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්දෙන් විදුලිය සූදානම්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ සංකල්පයක අනුව ආරම්භ කරන ලද මෙරට ඓතිහාසික විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි …

Continue Reading

මම ජනාධිපති වෙලා ඉන්නකම් කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති

තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …

Continue Reading

හදි හූනියම්වලින් මං සැලෙන්නේ නෑ – ජනපති

මගේ රූපය ඇඳලා, නම ගහලා අනුරාධපුර හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්‌ටනයකදී මට හූනියම් කර ඇති පුවතක්‌ ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පළ වී තිබුණා. මේ වගේ දේවල් පිළිබඳව මං සැලෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) ප්‍රකාශ කළේය. ‘ජාතික පුවත්පත්වල පළ වුණු මේ දේවල් බලලා මට හිනා ගියා. මට බලි තොවිල් කර ඇති බවට එහි දැක්‌වෙනවා. අනුරාධපුර හොරොව්පතාන පැත්තේ …

Continue Reading