යෝෂිත ඇතුලු පිරිසට ඇප!
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති පුත් නාවික නිලධාරි යෝෂිත රාජපක්ෂ සහ අනෙක් සිව් දෙනා අද දින ඇප පිට නිදහස් කර ඇත. මාස එකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත සහ පිරිස ඇප පිට නිදහස් කර ඇත්තේ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි. බැසිල් රාජපක්ෂ ද මෙයට පෙර අත්අඩංගුවට පත් ව ඇප …
Continue Reading
මහින්ද රාජපක්ෂ මැරිල ඉපදිලා ද?
මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබා දීමක් ගැන සඳහන් කරමින් හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ රත්ගම දී ප්‍රකාශ කළේ එය මාධ්‍යවේදීන් නොමඟ යැවීමට සැකසූ කූඨ වැඩපිළිවෙලක් බව යි. මේවා ඇසෙන විට ඇත්තට අපට සිතෙන්නේ මේ මනුස්සයා කතා කරන්නේ මැරිලා යළි ඉපිදිලා දැ යි කියා ය. තමා විසින් ලැප්ටොප් පරිගණක මාධ්‍යවේදීන්ට ලබා දෙමින් මාධ්‍ය නිහඬ කරන්නට හැදූ හැටි ඔහුට නැතිනම් …
Continue Reading
උතුරේ රත්රන් මහින්ද විකිණුවා ද?
උතුරේ යුද ජයෙන් පසුව එහි තිබී අත්පත් කරගත් රත්රන්වලින් විශාල ප්‍රමාණයකට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකිව තිබෙන බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ බැංකුවලින් සහ වෙනත් ආකාරවලින් සොයාගත් රත්රන් කිලෝ සීයකට ආසන්න ප්‍රමාණයකින් මහබැංකුව වෙත බාර දී ඇත්තේ කිලෝ 40ක් පමණ අඩුවෙන් බව ද දැනගන්නට ඇත. කෙසේ නමුත්, පසුගිය කාලයේ රාවය පුවත්පත ඍජුව ම වාර්තා කළේ රත්රන් විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂලා විසින් …
Continue Reading
පවිත්‍රා පත්තිනි දේවාලයට යයි!
කාන්තා දිනය සමරන්නට හිටපු ආර්යාව ශිරන්ති සමඟ හිටපු ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි ද එක් වූ බවත්, බන්දුල ගුණවර්ධන වැනි අයත් ගොස් තිබූ බවත් දකින්නට ලැබුණි. පවිත්‍රාදේවිය සහ පත්තින දේවිය අතර අවියෝජනීය සම්බන්ධයක් ඇත. දෙදෙනාගේ නම් පවා සමානය. දෙදෙනා ම සටන්කාමී ය. පවිත්‍රාදේවිය යනු, සූරියකන්දේ දේවතාවිය ය. ඒත් සූරියකන්දේ ඝාතනයට ලක් වූවන් වෙනුවෙන් නම් ශත පහක දෙයක් කරන්නට සමත් වූයේ නැත. නමුත් …
Continue Reading
මහින්දගේ මානසික තත්වය අයහපත් අතට!
හිටපු ජනාධිපතිවරයාගේ මානසික තත්වය අයහපත් අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. අතිශය කේන්ද්‍රීය වූ මහත් විධායක බලයක් භුක්ති විඳි මහින්ද රාජපක්ෂ ඒවා සියල්ල අහිමිවීමෙන් මහත් ආතතියකට ලක් වූයේ බලය නැති වූ විගස ම ය. කෙසේ වෙතත්, මේ වන විට යෝෂිත රාජපක්ෂ සිදු කරනු ලැබූ මූල්‍ය අපරාධ ඔප්පු වෙනු ඇති බව සහ තාජුඩීන්ගේ ඝාතනයට නාමල් රාජපක්ෂ නුදුරේ …
Continue Reading
නාමල්ගේ හිතවතියට අත පිරෙන්න ගෙවලා!
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවක නියුතු ව සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවතියක් පසුගිය පාලන කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර රුපියල් ලක්ෂ 15ක දීමනාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. මෙසේ දීමනාවක් ගෙවන ලෙස එවක ජනපති ලේකම් ලලිත් වීරතුංග විසින් මේ දීමනාව අනුමත කරමින් යවන ලද ලිපියක් සොයා ගෙන අැති අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ වුවමනාව මත මේ දීමනාව වසර …
Continue Reading
ගෝඨාභය තර්ජනය කරයි!
“රටට සේවය කරපු අය දුක විඳින්න ලෑස්ති වෙන්න ඕන. එක තමයි ඉතිහාසයේ තියෙන්නේ. කමක් නෑ. ඒ වගේම දැන් ඉන්න අයටත් ඉදිරියේදී කලකිරෙන්න වෙයි. සමහරවිට සිය ගුණයකින්. ඒක තමයි ස්වභාව ධර්මය” මේ ප්‍රකාශය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්දගේ යුගයේ, වඩාත් ම බලවත් පුද්ගලයින් දෙතුන් දෙනාගෙන් කෙනෙක් වූ ගෝඨාභය රාජපක්ෂ විසිනි. අපගේ අදහස අනුව නම් මේ ප්‍රකාශය යටින් එන බරපතල තර්ජනය මේ …
Continue Reading
නව පක්ෂය හැදෙන්නේ, බැසිල් වංචා කළ රු. මිලියන 2990න් ද?
රුපියල් මිලියන 2990ක් යනු, ලක්ෂ 29900 කි. එනම්, රුපියල් 2990000000.00 කි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කුප්‍රකට ම මහා වංචනිකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත. මේ මුදල් වංචාව කර ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කළ “ඉසුරුමත් නිවහනක්” නම් වැඩසටහන හරහා ය. ජනපති මහින්දගේ ආදරණීය සොයුරු බැසිල් හා සමඟ මේ පිසාච සොරකමට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ …
Continue Reading
ලක්ෂ 910ක ජනතා මුදලින් හැදූ අම්මගෙ-අප්පගෙ කෞතුකාගාරය!
මෙරට දේශපාලනය අනාදිමත් කාලය සිට පැවත එන්නේ ජනතාව මූලික කරගෙන නොව තමා මූලිකව සිතීමෙනි. ජනතා නියෝජිතායතනයකට පත් වෙන කවුරුන් හෝ පළමු මොහොතේ සිට තම පවුල ගොඩ දමාගන්නට වලිකෑම ඉහඳ ගසා ඇති රෝගයකි. මෙම රෝගය වඩාත් බරපතල ලෙස උත්සන්නව තිබූ කාල වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලන කාලය හැඳින්විය හැකි ය. විශාල ප්‍රමාණයේ වැසිකිලියක් නිර්මාණය කළ ද එය තම නම දමා ගැනීමේ …
Continue Reading
මෙසේ ද සිදු විය!
කාලය සහ අවකාශය විසින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙතැ යි දාර්ශනිකයෙක් පැවසුවේ ය. කාලය විසින් මවන වෙනස පිළිබඳ ව බොහෝ කලා නිර්මාණවල අඩංගුවන අතර අප මේ කියන්නට යන්නේ, දේශපාලනය තුළ කාලය මැව් වෙනසක අරුමය යි. මහින්ද රාජපක්ෂ රජයේ සිටි නීලකාස හොරුන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, පගා මරුවන්, ජනතා පීඩාකාරී කාර් රේස් කරුවන් ගැන කවුරුත් දනිති. තාජුඩීන් ඝාතනය මිනීමරුමක් බව කියන්නේ දැන් ය. …
Continue Reading