නාවික හමුදා STF විශිෂ්ට මෙහෙයුමකින් දකුණු මුහුදේදී කුඩු නැවක් අත්අඩංගුවට

හොරොයින් ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි. නෞකාවේ තිබී හොරොයින් කිලෝ 600ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලිසිය කියයි. දැනට සොයාගෙන ඇති හෙරොයින් …

Continue Reading

STFමෙහෙයුමකින් මධුෂ්ගේ මැනේජර් වූ ‘කැවුමා’ගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ ජීව උණ්ඩ 5000ක්

ශ්‍රී ලංකාවේ දරුණුතම අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගේ කළමනාකරු ලෙසට සඳහන් දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ වැටලීමකදී එම මත්කුඩු තොගය පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ නිවස මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ …

Continue Reading

ජනපති මෛත්‍රී වෙනස පෙන්වයි! ඉතිහාසයේ මෙතෙක් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වැටලූ මෙහෙයුම (වීඩියෝ)

2015 වසරේ සිට “මතින් නිදහස් රටක්” ව්‍යාපෘතිය යටතේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් යටතේ රටේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට පවරාගත් අතර එහි ප්‍රතිථිල මේ වන විට ජනතාවට ඉතා කෙටිකලක් තුල ඇස් පනාපිටම දකින්නට ලැබීම අද්විතීයය. මෙහි ප්‍රතිථිලයක් ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් …

Continue Reading

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයෙන් මිලියන 1100 ක හෙරෝයින් ඇල්ලු මෙහෙයුම

රුපියල් මිලියන 1100 කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්විය. කොල්ලුපිටියේ පිහිටි මෙම සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(22) විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණි. හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් …

Continue Reading

පොලිසිය ජනපති අතට ගත් පසු කුඩු තොගපිටින් අල්ලයි! මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තම යටතට ගත් පසුව මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හොරොයින් ඇතුළු මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටීම පෙර සිටි දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා කොතරම් අනුග්‍රහයක් සහ සහයෝගයක් ලබාදී ඇති බව ඇස්පනාපිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පැවතීම සුවිශේෂීය. ඒ අනුව ඊයේ(31) දිනයේ රුපියල් කෝටි 440 කට අධික …

Continue Reading

ඇතුලේ ඉදන් වෙලේ සුදා ජයටම වැඩ! ජාවාරම් කළ කෝටි 2.5ක කුඩු තොගයක් අල්ලයි

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අයත් රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගය සඟවා ගෙන සිටි වෙලේ සුදාගේ සමීපතම ගෝලයකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී …

Continue Reading

ලංකාවේ කුඩ්ඩෝ 40,000ක්‌; දවසකට කිලෝ 4 ක් වෙළඳපොලට

ශ්‍රී ලංකාවේ ඇස්‌තමේන්තුගත හෙරොයින් භාවිත කරන්නන් 45,000 ක්‌ සිටින අතර ඔවුන්ට දෛනිකව හෙරොයින් කිලෝ 04 ක්‌ අවශ්‍ය බව අලුත්ම වාර්තාවලින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි ශ්‍රී ලංකා තොන්ගෝඩා සංවිධානය විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය …

Continue Reading

කෝටි 200ක කුඩු ඇල්ලූ අද්විතීය මෙහෙයුමක්!

ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මදුෂ්’ නමැත්තා විසින් වයඹ මුහුදු තීරය ඔස්සේ මෙරටට එවූ බවට සැක පළකරන රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවකු සමඟ හලාවත, අංනයිඑලුන්දාව, කුරුලු අභය භූමියේදී පුත්තලම දිසා බුද්ධි අංශය මඟින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය …

Continue Reading

ලක්ෂ 8,000ක හෙරෝයින් ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නීතිවිරෝධී අවි පිළිබඳ සිදුකළ මෙහෙයුමක දී වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 8,000ක් වන හෙරෝයින් කිලෝ 13ක් සමඟ සැකකරුවකු ඊයේ (6) සවස 3.30ට පමණ අත්අඩංගුවට ගැනීමට සමත් විය. ග්‍රෑන්ඩ්පාස් පොලිස්වසම තුළ අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් ප්‍රමාණය මෙය වන අතර, මහවත්ත ප්‍රදේශයේ දී මෙම විමර්ශනය සිදු කර ඇත. ඊට අදාළව නොම්බර් 355 මාදම්පිටිය පාර ලිපිනයේ නිවසක තිබී රුපියල් මිලියන තුනක …

Continue Reading