සතිඅග සලරුව – The Passion of the Christ (2004)

“මේ චිත්‍රපටය ප්‍රේමය, බලාපොත්තුව, භක්තිය හා දයාව ගැනයි. උන්වහන්සේ මුලු මහත් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම දුක් වින්දා. ඒ මුල්ම පණිවිඩය වෙත ආපසු යන්න කාලයයි මේ. ලෝකය විපරීත වෙලා. ප්‍රේමයෙන්, බලාපොරාත්තුවෙන්, භක්තියෙන්, දයාවෙන් ටික ටික දැන් අපට ඕනෑ වෙලා“ යේසුස් ක්‍රිස්තූන් ගේ දුක්ප්‍රාප්තිය, ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට් නමින් සිනමාවට නගන්නට පෙර, එහි අධ්‍යක්‍ෂ කීර්තිධර හොලිවුඩ් රංගන ශිල්පී මෙල් ගිබ්සන් එසේ කියා සිටියා. ද …

Continue Reading

සතිඅග සළරුව – Trumbo (2015)

විශ්වාස කරන්න ඕනෑ මොනවාද, කියන්න ඕනෑ මොනවාද, ලියන්න ඕනෑ මොනවා දැ යි ඔහුට කියන්න එන්න කාටවත් බැහැ. ඔහු ඩෝල්ටන් ට්‍රම්බෝ. ඩෝල්ටන් ට්‍රම්බෝ යනු හොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා රචකයගෙන් කෙනෙක්. ස්පාර්ටකස්, එක්සොඩස්, බ්‍රේව් වන් සහ රෝමන් හොලිඩේ ආදී අදටත් ජනකාන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ඔහුගේ සිනමා රචනා අතරේ වනවා. ඩෝලටන් ට්‍රම්බෝ හොඳට හම්බකරන්න රැකියාවක් ඕනෑ වූ නිසා …

Continue Reading

සතිඅග සළරුව – Brooklyn (2015)

ඇමෙරිකා එක්සත් ජනපදය, සිහින දකින්නන්ගේ සිහින සැබෑවන දේශයයි. තම තමන්ගේ සිහින ලුහුබැඳ ලෝකයේ නොයෙක් තැනින් ආ ජනයා එක්ව ගොඩනගා ගත් ජාතිය ඇමෙරිකානු ජාතියයි. බෘෘක්ලින් චිත්‍රපටය තම සිහින ලුහුබැඳ ඇමෙරිකාවට ආ අයර්ලාන්තික තරුණියක් ගැන කථාවක්. “ගෙදර” ඒ වචනයට ඈ නව අර්ථකථනයක් ලබනවා. බෘෘක්ලීන් ප්‍රදේශය නිව් යෝර්ක් හි වැඩිම ජන සංයුතියක් සහිත ප්‍රදේශයයි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් තිස්සේ සංක්‍රමණය වූ අයර්ලාන්තිකයන්, ඉතාලියානුවන්, …

Continue Reading

සතිඅග සළරුව – Cartel Land (2015)

ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ ග්‍රහණයට නතුව අවනීතිය රජකරන අවිචාරවත් භූමියේ තතු රැගත් වාර්තාමය චිත්‍රපටයකි කාර්ටෙල් ලෑන්ඩ්. මෙක්සිකෝවේ මිචෝකාන් ප්‍රාන්තය මත් ජාවාරම්කරුවන්ගේ භීෂණයෙන් දැඩිව පීඩනයට පත් ප්‍රදේශයක්. එහි මිනිස්සුන්ට සාමයෙන් ජීවත්වන්න ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ඔවුන් සමඟ කවුරු කවුරුන් සම්බන්ධදැයි සොයන්නත් බැහැ. ජනාධිපතිවරයා සාමය ගැන කරන කතා මෙහි වැසියන්ට විහිළුවකට වැඩි යමක් නොවෙයි. නීතිය කියා සංකල්පයක් හෝ මෙම ප්‍රදේශ වල නොමැත්තේ, නීතිය …

Continue Reading

සතිඅග සළරුව – Spotlight (2015)

සමාජීය අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැගෙන සිනමාපටයත් වෙත්නම් එය අව්‍යාජ කලා කෘතියක් ලෙස හැඳින්වීමට අප මැළි නොවිය යුතුයි. ස්පොට්ලයිට් චිත්‍රපටය පැහැදිලිවම එවැන්නක්. සත්‍ය සිදුවීම් මාලාවක් පසුබිම් කරගත් එකක්. ඒ සත්‍යය ඇතැම් විටෙක, සද්චරිතවත් ආධ්‍යාත්මයක් කෙරෙහි විශ්වාසය තබා සිටින්නවුන්ගේ සිත් රිදවන කටුක සත්‍යයක්. “දෙවියන්වහන්සේ වැළපෙනවා… ලිංගික අපහරණයට ලක්වූ දරුවන් වෙනුවෙන්… මේවා රහසේ තබාගෙන සිටින්නට බැහැ…” පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයෙහි යෙදුන ශුද්ධෝත්තම …

Continue Reading

සතිඅග සළරුව – The 100-Year-Old Man Who Climbed Out the Window & Disappeared (2013)

මුළු ජීවිත කාලය පුරාවටම දේවල් පුපුරවාහරින එකම කර කර හිටපු ඇලන් කාසන්, එයාගේ සියවැනි උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසේ ජනේලයෙන් පැනලා ගිහින් අතුරුදහන් වෙලා ඉන්න ගමන් එයාගේ ජීවිත කතාව අපට කියනවා. ඒ නිසා “ජනේලයෙන් පැනගොස් අතුරුදහන්වුණු අවුරුදු සියයක් වයස මිනිසා” වගේ ඕනේවට වඩා දිග නමක් චිත්‍රපටයට ලැබෙනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මුල් වතාවට කියවගන්න බැරි තරම් දිග නම අහද්දී …

Continue Reading