රාජපක්‍ෂලා ගැන මගේ හිතේ තියෙන ආකල්පය වෙනසක් වෙලා නෑ.. ඒ ආකල්පය සදාකාලිකයි

රටේ අවශ්‍යතාව ගැන සලකා බලා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය භාරගන්න කිව්වොත් ඒ සඳහා තමා සූදානම් යැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ජනාධිපති ධුරය ලැබුණොත් රට හදන්න තමාට හැකි බවත් මාළිගා හදන්න හෝ ආර්යාවන් හදන්න තමාට අවශ්‍ය නැති බවත් වගකීමක් ගෙන වැඩ කිරීමට තමාට හැකියාව ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. හෙතෙම මේ බැව් …

Continue Reading

ජනාධිපති කියන කතාව පිළිගන්න බෑ; සිද්ධියෙන් පැය 48 ක් යනතුරු අගමැති හමුවෙන්න දුන්නෙ නෑ ..! ෆීල්ඩ් මාෂල්ගේ ඇස් අරවන ප්‍රකාශය(Video)

එල්ටීටීඊ ත්‍රස්තවාදයට මරාගෙන මැරෙන අවධියට එන්නට වසර 12 ක් පමණ ගත වූ නමුත් වත්මන් ත්‍රස්තවාදය ආරම්භ කර ඇත්තේම ඊටත් බොහෝ ඉදිරියෙන් බවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තව 300ක් පමණ සිටන බව තමාගේ තක්සේරුව බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා(24) පාර්ලිමේන්තුවේ දී සියළු දේශපාලකයන්ගේ ඇස් අරවන කතාවක් කෙළේය. ‘ජනාධිපති මේ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි’ …

Continue Reading

Exclusive: ආරක්ෂක අමාත්‍යධුරයට වහාව ක්‍රියාත්මක වන පරිදි ෆීල්ඩ් මාෂල්ව කැදවයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් මේ වන විට සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් කැඳවා ඇතැයිද වාර්තාවේ.

Continue Reading

එජාප නියෝජ්‍ය නායකත්වය තාවකාලිකව චම්පිකට!

මේ වන විට උද්ගතව ඇති දේශපාලන අර්බුදයෙන් එක්සත් ජාතික පක්ෂය රැකගනිමින්, එජාප ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය තාවකාලික හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට ලබාදීමට එජාප ප්‍රබලයින් තීරණයකට පැමිණ ඇතැයි තහවුරු නොකළ එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. අරගල වලට මුහුණ දෙමින් පාඨලී චම්පික ලබා ඇති පන්නරය සහ අත්දැකීම් මුල්කරගනිමින් මෙම අවස්ථාවේ ඔහුට ඒ වගකීම ලබාදිය හැකි බවත්, …

Continue Reading

ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු වෙනුවෙන් හඩා දොඩා සංදර්ශන පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ කිසිවෙකුත් කැඳවා නොතිබූ අතර ෆොන්සේකා මහතා හොඳ මතකයකින් උත්තර ලබා දී ඇති බවද සඳහන්. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …

Continue Reading

තව ටිකකින් ෆීල්ඩ්මාෂල් CIDයට

හිටපු යුද හමුදාපති,අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25) කැඳවා තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සහ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන කෘෘර වධ හිංසනයට පත් කිරීමේ සිද්ධීන්වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම විමර්ශනයන්ට අදාළව මීට පෙර අවස්ථාවකදී ද සරත් …

Continue Reading

මංගල කැබිනට්ටුවේදී 99න් බේරෙයි!

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් පක්ෂව කතා කළ යුතු බවට හැගෙන ආකාරයේ …

Continue Reading

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පෙර ජනමත විචාරණයක් තියන්න – ෆීල්ඩ් මාෂල්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජනමත විචාරණයක් මගින් තීරණය කිරීම සුදුසු බව වනජීවි, තිරසර සංවර්ධන සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටට අහිතකර බලපෑම් සිදු කරන වැරදිකරුවන් හට එවැනි දඬුවමක් ලබා දිම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම …

Continue Reading

ෆීල්ඩ්මාෂල් ඇමතිකමින් ඉල්ලා අස්වීමට සැරසෙයි! (Video)

මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වන අලීන් සම්බන්ධයෙන් අද(19) රඹුක රජවත්ත විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ …

Continue Reading

පාර්ලිමේන්තුව ගිනියම් කරමින් මිනීමරු ගෝඨා ඇතුළු බත් ගොට්ටන් කුපිත වූ ෆීල්ඩ් මාෂල්ගේ කතාව (Video)

“අර කෑගහන කෙනාගේ ගෙදර පහුගිය දවස්වල කොල්ලෙක් මැරුණා. දැන් එයා භූතයෛක් වෙලා. ඉල්ලන්නෙම ව්‍යාඝ්‍රලු. සාමාන්‍යෙයන් භූතයො ඉල්ලන්නේ කරවල නේ. නිකං කෑගහලා මගෙන් අහගන්න එපා.” යැයි අද පාර්ලිමේන්තුවේ විස්වාසභංග විවාදයට එක්වෙමින් අමාත්‍ය සරත් ෆොන්සේකා සිය කතාව කරමින් සිටියදි එයට බාදා කල විමල් විරවංශට දැඩි ලෙස චොදනා කර සිටියා. අප පසුගිය මාර්තු 22 වැනිදා විමල්ගේ ගෙදර හොල්මන ගැන අනාවරණය කර සිටියා……. විමල්ගේ …

Continue Reading