ජනපතිට මුවා වී දයාසිරි බලහත්කාරයෙන් රාජ්‍ය දේපල අත්පත් කරගෙන!

ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිල නිවසක බලහත්කාරයෙන් රැඳී සිටින බවට වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ ඉකුත් අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වුණේය. එම ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයි මස පළමුවැනිදායි. ඒ අනුව දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස …

Continue Reading

බැඳුම්කරයෙන් ගත් අල්ලස් ගැන CIDය දයාසිරිගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි..?

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයකින් මුදල් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය පහක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. මෙහිදී ඔහු මාධ්‍ය වෙත කරුණු දැක්වීමක් සිදුනොකරම ගමන්කොට …

Continue Reading

ඇලෝසියස් දුන්න එක ගත්ත තමා; ඒත් මට දීපු එක අල්ලසක් නොවෙයි- දයාසිරි (Video)

අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමිනි . …

Continue Reading

බැඳුම්කරේට සම්බන්ධ සමාගමකින් අල්ලස් ගත් මන්ත්‍රීවරයා දයාසිරි ද..?

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (24) දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව …

Continue Reading

ශ්‍රීලනිප එකමුතුවට විරුද්ධ වුණේ නාමල් සහ ප්‍රසන්න- දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ එකමුතුවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූයේ නාමල් රාජපක්‍ෂ හා ප්‍රසන්න රණතුංග යන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බැව් පැවැසීය. ඒකාබද්ධයේ බහුතර පිරිසක්‌ එකතුවට කැමැති වෙද්දී මෙම දෙදෙනා නිසා සමගිය නැතිවීම …

Continue Reading

ඇමතිටත් හොරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රට පටවන්න හදලා

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස්‌ බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය. මෙරට ක්‍රීඩා නීතිය අනූව සියලුම ජාතික කණ්‌ඩායම්වලට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු සංචාරයකට සහභාගිවීමට නොහැකිය. එම නීතිය දැන දැනත් වත්මන් ක්‍රිකට්‌ ප්‍රධානීන් ඉතිහාසයේ ප්‍රථම …

Continue Reading

‘ඊ නිව්ස් තහනම වැරදියි; ඒකට ජනපතිගේ සම්බන්ධයක් නැහැ’ – කැබිනට් ප්‍රකාශක

ලංකා ඊ – නිවුස් වෙබ් අඩවිය තහනම් කිරිමට ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය. කෙසේ වෙතත් ලංකා ඊ- නිවුස් වෙබ් අඩවිය තහනම් කළ ආකාරය ගැන තමාට එකඟ විය නොහැකි යැයි ද ඇමැතිවරයා එහි දී සඳහන් කළේය. ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය …

Continue Reading

ඇමැති දයාසිරිගෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවට ඉලක්‌කයක්‌..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව තේරීම් කමිටුව ඊයේ (29 දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉදිරියට ගෙන යැම සඳහා නව ඉලක්‌කයක්‌ ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයිගේ තේරීම් කමිටුව වෙත ලබාදී තිබේ. ඉකුත් තේරීම් කමිටුවෙන් සිදුවූ අතපසුවීම් සහ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන පරාජයන් වැලෙන් ගොඩ ඒම සඳහා සාධාරණ තේරීම් කරමින් ස්‌වාධීනව කටයුතු කිරීමට ඇමැතිවරයා …

Continue Reading

ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ; මේවා පාරේ කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා නෙවෙයි- ඇමති දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකි බවත් අදාළ ප්‍රශ්නයට විසඳුම සාකච්ඡා මාර්ගයකින් විසඳ ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට උද්ගතවී ඇති අර්බුද හේතුවෙන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්, නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුවද ඉල්ලා අස්‌විය. ඒ අනූව ක්‍රිකට්‌ පරිපාලනයේත් වෙනසක්‌ සිදුකිරීමට ඇමැතිවරයාගේ අරමුණක්‌ තිබේද …

Continue Reading

ක්‍රිකට්‌ ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතුව සහ ඒ සඳහා ගත හැකි විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන්වන අතර එහිදී ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරිය …

Continue Reading