රටම අනතුරක ඇති මොහොතේ නීති විරෝධී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සමිතියක් අකුරට වැඩ! බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!
රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ මෙම ඊනියා වෘත්තීය සමිතිය විසින් කරන මෙම පුහු ඉල්ලීම නම් පසුගිය අප්‍රේල් මස සිට අදාළ වැටුප් වර්ධකය ලබාදෙන ලෙසයි. …
Continue Reading
ඇදි ඇදී ගිය උමාඔය ව්‍යාපෘතිය ඇමති රවී කඩිනම් කරයි.. තවත් විදුලිය ජාතික පද්ධතියට
ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කරන බවත්, ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක ධාරිතාවයක් එකතු වන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. තමන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කර, …
Continue Reading
ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය මම සදහටම විසදනවා – ඇමති රවීගෙන් සහතිකයක්
මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි, මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසඳන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා(03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති …
Continue Reading
විදුලිය දෙන්න පාවෙන බලාගාර 2ක් ලංකාවට
ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම් ලබාදීම සඳහා මෙරට නියෝජිතයකු සිදු කළ ඇණවුමකට අනුව ඉරානයට සහ තවත් මැදපෙරදිග රටකට අයත් පාවෙන විදුලි බලාගාර සහිත නෞකා (බාර්ජ්) දෙකක් ඊයේ (03) වන විට ශී‍්‍ර ලංකාව සමීපයට පැමිණ තිබිණි. මෙම පාවෙන බලාගාර දෙකින් සුදුසු එකක් හම්බන්තොට හෝ ති‍්‍රකුණාමලය වරායට ළඟාවීමෙන් පසු එහි සිට ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි …
Continue Reading
යළි කිසිඳු අමාත්‍යවරයෙකුට මෙවැනි අර්බුදයක් භාර කරන්නේ නැහැ; අවුරුද්දට විදුලිය කපන්නෙත් නැහැ
යළි පත්වන කිසිඳු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයෙකුට විදුලි අර්බුදයකට මුහුණපෑමට සිදුනොවන පරිදි මෙම විදුලි අර්බුදය ඉදිරි දින කිහිපය තුළ විසඳන බවත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය …
Continue Reading
විදුලි අර්බුදයෙන් ආණ්ඩුවට ගොඩ එන්නත්, ජනතාවට ගොඩයන්නත් විසඳුමක් (වීඩියෝ)
වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් ඉන් පීඩා විඳින ජනතාව ඉන් මිඳී තමාට පහසුව සහ වාසිය අත්කර ගත හැකි දේශපාලනික නොවුනු ව්‍යාපාරික විසඳුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් අද(28) පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළේය. ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම ගොඩයන විසඳුම ඉදිරිපත් කරමින් තිලංග සුමතිපාල මහතා පැවසූයේ, අද වන …
Continue Reading
අතීතයට දොස් පවරා වැඩක් නැහැ; ඉදිරි දින කිහිපය තුල මම මේ අභියෝගයට ස්ථිර විසඳුමක් ලබාදෙනවා – රවී
පවතින විදුලි කප්පාදුවට ස්ථිරසාර විසඳුමක් අප්‍රේල් මස දහ වැනි දින වන විට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද(26) කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක, “විදුලිබල මණ්ඩලයෙන් මේ වනවිට විදුලි කප්පාදුව පිළිබදව නිවේදන නිකුත් කරලා තිබෙනවා. 29 දා මම …
Continue Reading
තාවකාලික විදුලි කප්පාදුව හෙට සිට කාලසටහනකට
විදුලි විසන්දි කිරීම් පිළිබදව හෙට (25) සිට කාල සටහනක් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනය සීමාවීම මෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේය. පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල …
Continue Reading
ලක්විජය ගැටලුව අවසන්! නැවතත් විදුලිය අඛණ්ඩව!
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන අදියරේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලක්විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා ඇත. නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර පරිපථවල බිඳ වැටීමක් හේතුවෙන් 18 වනදා දහවල් වන විට රට පුරා විදුලිය සැපයුම විටින් විට නැවතී තිබුණි. කෙසේ වෙතත් දෙවන ජනන යන්ත්‍රය නැවත …
Continue Reading
මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය. කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා …
Continue Reading