මංගලගේ බදු වෙනසෙන් ඊපීඑෆ් ආදායමට කෝටි 3000ක පාඩුවක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් නව බදු වෙනස්‌කම් හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවන බවට මහ බැංකුව විසින් ගණනය කර ඇත. මේ නිසා මේ වසරේදී (2018) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ගෙවිය හැකි පොලී ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවද මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත. මහ බැංකු …
Continue Reading
අය-වැයෙන් වෙන් කළ කෝටි 76,000න් 10,000ක් මුදාහැරලා
වසර 2018 අය-වැයෙන් රජය රටේ විසිරුණු සංවර්ධනයක් ඇති කිරීමට වෙන් කළ රුපියල් කෝටි හැත්තෑ හය දහසක (බිලියන 760) මුදලින්, රුපියල් කෝටි දස දහසක් දැනටමත් ඒ ඒ අමාත්‍යාංශවලට ලබාදී ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. වසර 2018 අය-වැය මඟින් රටේ සමාජ, ආර්ථික, මහජන උපයෝගිතා යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 760ක මුදලක් වෙන් කොට තිබේ. මේ …
Continue Reading
අයවැය 99න් සම්මතයි
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි. ඒ අනුව 2018 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.
Continue Reading
මංගලගේ බඩු අඩුවෙන්න තව කල්යයි
ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තාවේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි බදු අඩු කරන බව පැවසුවද ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර එය නිකුත් කිරීම ඉදිරි සතියේදී සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. අඩු …
Continue Reading
මංගලගේ මංගල අයවැය නීල හරිත වෙයි
නිදහස් ශ්‍රී ලංකාවේ 72 වැනි අය වැය මෙන්ම යහපාලන ආණ්‌ඩුවේ තුන්වැනි අය වැය ලෙස නීල හරිත අයවැයක් ලෙස නම් කරමින් මංගල සමරවීර මහතා ඊයේ(09) සිය මංගල අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (09 දා) පස්‌වරු 3.00 ට රැස්‌වූ පසුව මුදල් ඇමැතිවරයා අයවැය කතාව කළේය. ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් නාදය හා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව …
Continue Reading
මංගලගේ මංගල අයවැයේ ගණන් හිලව් මෙන්න
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර …
Continue Reading
2018 අයවැයෙන් වැඩිම මුදල් ආරක්ෂක අමාත්‍යංශයට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට!
පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කරන අයවැය පළමුවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර (2018) සඳහා වැඩි මුදලක් වෙන් කරනු ලබන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහාය. එය රුපියල් කෝටි 29071 කි. එය මේ වසරේ වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 667 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මේ වන විටත් වෙබ් අඩවියට එක්‌කර තිබෙන 2018 අයවැය ප්‍රථම වර කියෑවීමේ විසර්ජන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය …
Continue Reading
2018 අයවැය සඳහා අදහස් යෝජනා ඉල්ලයි
2018 අයවැය සඳහා අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබේ. අර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශව සඳහා මෙන්ම විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට අයවැය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. ලබන 15 වනදාට පෙර එම යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව යන ලිපිනයට …
Continue Reading
2018 සඳහා රජයේ සමස්ත වියදම කෝටි 3,98,200ක්; අපේක්ෂිත රාජ්‍ය ආදායම කෝටි 2,17,500ක්
2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 3,98,200ක් වන අතර එම වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම විදේශීය ප්‍රදානයන් ද ඇතුළුව රුපියල් කෝටි 2,17,500ක් බවට භාණ්ඩාගාරය විසින් ඇස්තමේන්තුකොට ඇත. මෙම ඇස්තමේන්තුව ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් …
Continue Reading