අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී
2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. එදින දෙවරක් තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් …
Continue Reading
මහේන්ද්‍රන් සැලසුම් සහගතව දුරකථන දෙකක මාස 11 ක දත්ත අතුරුදන් කර ඇති බව හෙළිවෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ජංගම දුරකථන දෙකේ මාස 11 ක පමණ කාලයකට අදාළ දත්ත අතුරුදන් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට අනාවරණය කළේය. කොමිසමේ විමර්ශනයට ලක්‌වන කාලයට අදාළව මේ දත්ත අතුරුදන් වී ඇති බව ද මේ දුරකථන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට …
Continue Reading
බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස් සැලසුම් සහගතව බොරු කියලා
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා …
Continue Reading
ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට
මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක් තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් …
Continue Reading
අර්ජුන් ඇලෝෂියස් බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි. පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික …
Continue Reading
බැඳුම්කර කොල්ලයට ඩීල් දැමූ EPF නිලධාරීන් 20ක් ගැන පරීක්‍ෂණ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණයේ මූලික පියවරක් ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම නිලධාරීන්ට දන්වා යවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ අනුව ජුලි 20 …
Continue Reading
වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක් තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක් සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු හමුවීමට ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම …
Continue Reading
බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වැඩ තහනම් වූ අධ්‍යක්ෂක CIDය හමුවට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ රහස් පොලිස් අංශය හමුවට කැඳවා තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමන් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති බව ජනාධිපති බැඳුම්කර කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායම් නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොමිසමට දැනුම් දුන්නේය. …
Continue Reading
මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි
බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය ඊයේ (06) තීරණය කළේය. මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ ව්‍යාපාර කටයුතු තහනම බලපැවැත්වෙන බව මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලියාපදිංචි ස්‌කන්ධ හා සුරැකුම්පත් ආඥ පනත …
Continue Reading
අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක් පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවක් ගැන සඳහන් කරමින් ඔබ කොහොමද මේ ලේඛනය ගෙන්වා …
Continue Reading