මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි

Spread the love

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය ඊයේ (06) තීරණය කළේය.

මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ ව්‍යාපාර කටයුතු තහනම බලපැවැත්වෙන බව මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ලියාපදිංචි ස්‌කන්ධ හා සුරැකුම්පත් ආඥ පනත හා දේශීය භාණ්‌ඩාගාර බිල්පත් ආඥපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් මෙසේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව කියයි.

මෙම ක්‍රියාමාර්ගය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක නොවන බවට සහතික වීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, එම සමාගමේ ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලබන බවත් මහ බැංකුව තවදුරටත් පවසයි.

මේ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට අවස්‌ථාව නොලැබේ. එම සමාගමට 2015-02-27 දින සහ 2016-03-29 දිනවල භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී නොයෙකුත් අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.

RSL

Related Posts