බැඳුම්කර මගඩියේදී ලංසු තබන්න රවී බලපෑම් කළා- බැංකු සභාපතිවරු කොමිසම හමුවේ කියති

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්‌ථා දෙකකදී භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස්‌ දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්‍රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්‌ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් ඊයේ (04) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. එදින දෙවරක්‌ තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් …

Continue Reading

මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නොමැති වනු ඇති බවයි. කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිෂන් සභා පත්කරමින් ඒ පිළිබඳ …

Continue Reading

බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස්‌ සැලසුම් සහගතව බොරු කියලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට පවසා …

Continue Reading

ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක්‌ තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් …

Continue Reading

විමර්ශන අවසන් කිරීමට බැඳුම්කර කොමිසමට තවත් කාලය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලය තවදුරටත් දික්‌ කිරීමට සිදුවනු ඇතැයි එම කොමිසමට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල සාක්‌ෂි විභාගයේදී හා විමර්ශන කටයුතුවලදී දිනපතාම පාහේඅ අලුත් සිද්ධි මතුවීම නිසා අනපේක්‌ෂිත ලෙස අලුත් සාක්‌ෂිකරුවන් කැඳවීමට සිදුවීමෙන් කොමිසමේ දින ගණනාවක්‌ම ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවීමයි. මේ අනුව මෙට්‍රොපොලිටන් සමාගමේ සාක්‌ෂිකරුවකු …

Continue Reading

අර්ජුන් ඇලෝෂියස්‌ බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කරයි. පෙරේදා (08 දා) කොමිසමේ සාක්‍ෂි විභාගයේදී කොමිසමේ සාමාජික …

Continue Reading

බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක්‌ ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය. 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය …

Continue Reading

රාජපක්ෂ සමයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර වලින් 400% ක ලාභ උපයා ඇතිබවට හෙළිවෙයි

පැවති රාජපක්ෂ රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටියදී එවක මහබැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ට්‍රෙරෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (08)පැවසීය. පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව …

Continue Reading

බැඳුම්කර චෝදනා වෙනුවෙන් සාක්ෂි දීමට ඇමැති රවි අද නොවරදවාම කොමිසමට

අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය. ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි. මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම …

Continue Reading