අර්ජුන් මහේන්ද්‍රන් කොමිසමේදී හිරවෙයි; බිලියන 75ක් කොල්ල කා ඇති බව හෙළිවෙයි!

2015 මාර්තු මාසය සඳහා රු. බිලියන 75 ක හදිසි අරමුදල් අවශ්‍යතාවක්‌ පැවැති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියන්නේ බොරුවක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (22 දා) මහේන්ද්‍රන් මහතා අමතමින් ප්‍රකාශ කළ අතර හැකි නම් මහා භාණ්‌ඩාගාරයේ එය ඔප්පු කළ හැකි එකදු හෝ නිලධාරියෙක්‌ සිටී නම් එම නිලධාරියාගේ නම සඳහන් කරන්නැයි මහේන්ද්‍රන් මහතා …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමෙන් පැනයාමට දැරූ තැතක් වරදී

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්‌ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. එදින දෙවරක්‌ තමා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බවද පළමු වර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගියේ 2015.02.27 දින උදේ 11.00 ට පමණ බවද මහේන්ද්‍රන් …

Continue Reading

මහේන්ද්‍රන් සැලසුම් සහගතව දුරකථන දෙකක මාස 11 ක දත්ත අතුරුදන් කර ඇති බව හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ජංගම දුරකථන දෙකේ මාස 11 ක පමණ කාලයකට අදාළ දත්ත අතුරුදන් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට අනාවරණය කළේය. කොමිසමේ විමර්ශනයට ලක්‌වන කාලයට අදාළව මේ දත්ත අතුරුදන් වී ඇති බව ද මේ දුරකථන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට …

Continue Reading

සමන් කුමාරගේ කාමරය වෙනුවෙන් මහේන්ද්‍රන් සහකාර අධිපතිටත් තඟ දමලා

සමන් කුමාර නමැත්තා අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයට (Front office) අනුයුක්‌ත කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළ බව මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ඊයේ (31 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. ඔහු (සමන් කුමාර) සී. එෆ්. ඒ. සුදුසුකම් සහිත පුද්ගලයෙකු බව කියමින් ඔහු සේවක අර්ථසාධක අරමුදල් …

Continue Reading

මහේන්ද්‍රන්ගේ සියලු සන්නිවේදන උපකරණ බැඳුම්කර කොමිසමට භාරදීමට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර 2015 සිට වසර 2016 දක්වා භාවිතා කරන ලද සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන අංශය වෙත වහාම භාරදෙන ලෙසට බැඳුම්කර කොමිසම ඊයේ (26) නියම කෙළේය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් කරන ලද ඉල්ලීමක්‌ සලකා බැලූ කොමිසම ඊයේ පෙරවරුවේ මෙම නියෝගය කළේය. මෙතෙක්‌ කරන …

Continue Reading

බැඳුම්කර කොල්ලයේදී බෑනාගේ සමාගමට අධික ලාභ ලැබෙන සේ අර්ජුන් තීන්දු තීරණ වෙනස් කළ බවට සාක්ෂි දෙයි

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා වුවද ඔහු වෙන්දේසියක් පැවැත්වෙන අවස්ථාවේ එහි පැමිණ තම බෑනාගේ සමාගමට අදහාගත නොහැකි අධික ලාභ ලැබෙන සේ එහි තීන්දු තීරණ වෙනස් කරවීම කිසිසේත්ම සාධාරණ සිද්ධියක් නොවන බවද එය එදින සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය පුරා ළැව්ගින්නක් සේ පැතිර ගිය අතිමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවද අර්ජුන් මහේන්ද්‍රන් පාර්ශ්වයේ නීතිඥවරයාට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේ‍යෂ්ඨ අතිරේක අධ්‍යක්ෂිකා ස්ටෙෆානි ප්‍රනාන්දු …

Continue Reading

අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය. මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ ගැන සඳහන් කරමින් ඔබ කොහොමද මේ ලේඛනය ගෙන්වා …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර කොල්ලය සිදුකළ සමාගම ජනපති කොමිසමට හොරෙන් පැනලා

භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සිදුකළ ගනුදෙනු සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට රජයේ නීතිඥවරුන් ඊයේ (07) ලංකා බැංකුවේ නිලධාරියකුගෙන් සාක්‌ෂි විභාග කරමින් සිටියදී අවසරයකින් තොරව කොමිසමට පැමිණ නරඹන්නන් සඳහා වූ අසුනක වාඩි වී සාක්‌ෂි විභාගයට සවන් දෙමින් සිටි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා වහාම කොමිෂන් ශාලාවෙන් ඉවත් කිරීමට කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා නියෝග …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත්වෙයිද?

සිංගප්පුරු ජාතිකයෙකු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයාව සිටිමින් මෙරට ඓතිහාසික බැඳුම්කර මංකොල්ලය සිදුකළ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටුවල වලංගුභාවය සම්බන්ධයෙන් පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රශ්න කරන ලදී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මෙතෙක් ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මේ වනවිට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටුවල අත්සන් …

Continue Reading