අකිල මහා ප්‍රචාරණයක් ලබාදෙමින් ඇරඹු ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියකට පමණක් සීමාවෙයි

එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මහා පරිමාණ ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදුකරමින් ඇරඹි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි. දිවයිනේ සියලු පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මුලින්ම ඉදිරිපත් කෙරුණේ 2017 වසරේ දී ය. එහි …

Continue Reading

ජනාධිපති විමර්ෂණ වලින් හෙළිවෙයි: තමාව පුම්බගෙන ෆොටෝ එක ඔබාගන්න අකිල මහජන මුදල් රු.කෝටි 16ක් විනාශ කරලා

පාසල් පෙළපොත් වලට අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් ඇතුළත් කිරීම සදහා රුපියල් කෝටි 16 ක මුදලක් අමතරව වියදම් කිරීමට සිදුවී ඇති බව ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ දී ඊයේ (24) හෙළිවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කොමිෂන් සභාව රැස්වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශය පෙළපොත් මුද්‍රණය කිරීමේ දී …

Continue Reading

වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල  කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය චක්‍ර ලේඛ  උල්ලංඝනය කරමින්  රක්ෂණ -ප්‍රතිරක්ෂණ …

Continue Reading

කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය වැඩ අවසන් වෙන්න ආසන්නයි (වීඩියෝ)

කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එහි වැඩ ප‍්‍රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇදි නිසා බවත්, මේ වන විට මෙම කර්මාන්තශාලාවේ අවසන් වැඩ කටයුතු ජර්මනියේදී සිදු කරමින් ඇති බවත් එය නැවු මගින් ගෙන්වා ඉතා …

Continue Reading

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …

Continue Reading

අපි මෙහෙම ජඩ වැඩ බලු වැඩ කළේ නෑ

2015 ආණ්ඩුවක් හැදුවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්නයි. එදා රටේ තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ආණ්ඩුව පිහිටුවපු දා සිට රට තුළ යහපාලන ආණ්ඩුවක් ක්‍රියාත්මක කළා. මාධ්‍ය පාලනය කරන්න ගියේ නැහැ. ජඩ වැඩ කළේ නෑ. බලු වැඩ කළේ නෑ. ආරම්භ කරලා තියෙන සංවර්ධන කටයුතුවලින් කොමිස් ගැහුවෙ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ …

Continue Reading

ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ළමයි ටියුෂන් පංති යැවීම – අධ්‍යාපන ඇමති

වර්තමානයේ ජීවන වියදම වැඩිවීමට ද ප්‍රධානම කාරණාවක් වී ඇත්තේ දෙමාපියන් තම දරුවන්ව උපකාරක පංති යැවීම බව වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් පවසයි. මේ නිසා මින් ඉදිරියට අලූයම 7ට පෙර කිසිදු උපකාරක පන්තියක් පවත්වන්නට නොහැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අසන්න දිනයකදිම ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජනතාවගේ ජීවන වියදම ඉහළ දමන ටියුෂන් මාෆියාවට අවශ්‍ය විදිහට මින් ඉදිරියට කිසිදු ජාතික …

Continue Reading

අකිලගේ කුප්‍රකට සැලැස්ම ජනපති නියමයෙන් නවතී

දේශපාලන පළිගැනීම්වලට ලක්‌ වූ බව කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබා දීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) තීරණය කළේය. මෙම තීරණයත් සමගම වෘත්තීය සංගම් දොළහක්‌ ඒකාබද්ධව අද (26) පැවැත්වීමට සැලසුම් කළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ද එම වෘත්තීය සංගම් නායකයෝ තීරණය කළහ. උසස්‌වීම් ලබා දීමට නිර්දේශ කරන ලද …

Continue Reading

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. – අකිල විරාජ්

ගිරිබාව ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉන් අනතුරුව 2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙකු බලයට පත්කරන බවයි. තම පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය අර්ථ දක්වනු ලැබුවේ “මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා” යනුවෙනුයි. පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව මාස කිහිපයක් තුළ පළාත් …

Continue Reading

ඔසරි පොට උස්සන්න පාසල් ළමයින් ගත්තාට අඛිලගෙන් පරීක්ෂණයක්

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදී මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 250ක් පමණ යොදාගෙන තිබිණි. පෙරේදා (21)මෙම මංගල උත්සවයේ මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ. මෙම ඔසරි පොට …

Continue Reading