දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දින පහක දී මිලියන 6.7ක ආදායමක්
දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කලදා සිට දිනපහක් ඇතුලත වාහන 25,000ක් ධාවනය වූ බවත් ආදායම ලෙස රුපියල් මිලියන 6.7ක් උපයා ගැනීමට හැකි වූ බවත් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි. නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) පාර්ලිමේන්තුවේ දී වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමේ විවාදයේ දී ය. ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩි ම මුදලක් වෙන්කරන්නේ වරාය හා …
Continue Reading
අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට සති 2ක් පමාවේවි – ලංගම
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන අධි සුඛෝපභෝගී බස්රථවල සේවය සඳහා තෝරාගෙන තිබෙන සේවකයන්ට මේ දිනවල විශේෂ පුහුණුවක් ලබා දෙන බැවින් මඟී ප‍්‍රවාහනය සඳහා ‘ලංගම’ බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ‍්‍රී ලංගමය සභාපති එම්.සී. බන්දුසේන මහතා පවසයි. මෙම පුහුණුව ලංගම ප‍්‍රධාන අභ්‍යාස විද්‍යාලයේදී මේ දිනවල ලබා දෙන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ගවල පවතින විශේෂ මාර්ග හා …
Continue Reading
ශ්‍රී ලංකාවේ සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳ ජපානය සතුටට පත් වෙනවා – යසුෂි අකාෂි
ත්‍රස්තවාදය පරාජයට පත් කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සීග්‍ර ප්‍රගතිය ජපානයේ සතුටට හේතු වී ඇති බව ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. යසුෂි අකාශි මහතා ඊයේ(28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයටද ඊයේ අකාෂි මහතා ඇතුළු ජපාන දූත පිරිස …
Continue Reading
පිටරැටියන්ගේ සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ තබන්නේ නැහැ – ජනපති
අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුරට ලොව වෙනත් රටවල සංවර්ධනය දෙස බලා සුසුම් හෙළන්නට ඉඩ නොතබන බවත් ඔවුන්ගේ බොහොමයක් සිහින මේ වන විටත් සැබෑ කර දෙන්නට වත්මන් රජයට හැකි වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද(27) දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමී ව කරන්දෙනියේ පැවැති ජන හමුවට සහභාගි වෙමිනි. දක්ෂිණ අධිවේගී මාර්ගය …
Continue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ ජන අභිලාෂයන් නොතකමින් – විමල් වීරවංශ
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කොට ඇත්තේ මෙරට මූලික උවමනාවන් ජන අභිලාෂයන් නොකතකමින් බවත් එය, ඇතමුන්ගේ ජීවන සතුට හා ඥාති සම්බන්ධතා අහිමි කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරංවශ මහතා කියා සිටියි. වීර මොනරවිල කැප්පෙටිපොල නිළමේවරයා දිවි පුදා වසර 193 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඉදිරි කාලය …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය අද ජනතා අයිතියට
ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය මීට සුළු මොහොතකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියිට පැවරුනි. දක්ෂිණ අධිවේගී මාර්ගය මං තීරු 4 කින් සමන්විත වන අතර කොට්ටාවේ සිට ගාල්ල, පින්නදූව දක්වා දිවේ. මෙම අවස්ථාවට ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි මහතාද සහභාගී විය.
Continue Reading