අයවැයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නොසලකා හැරලා – සමාජවාදී කාන්තා සංගමය

පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා 2012 අයවැය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන්කළ මුදල කපාහැර ඇති බව සමාජවාදී කාන්තා සංගමය පෙන්වා දෙයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(5) උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුව කාන්තාවන් වෙනුවෙන් විවිධ පොරොන්දු රාශියක් ලබාදී ඇතත් ඒ කිසිවක් ඉටුනොකර ඇති බවද මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ …

Continue Reading

රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –

ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය. පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා තම ටයි පටිය ගලවා කල අමන ක්‍රියාව ජනතාවට සෙතක් විය හැකියැයි කිව නොහැක. එය බොහෝවිට ප්‍රයෝජනවත් වූයේ එල්ලෙන්නට …

Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව හැදූ අයවැය හෙලා දකිනවා – ජවිපෙ

‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. මෙම උද්ඝෝෂණය ඊයේ(04) පෙරවරු 10.30ට පමණ කිරිබත්ගොඩ නගරයේදී පැවැති අතර එම අවස්ථාවට පා.ම සුනිල් හදුන්නෙත්ති, නාගරික මන්ත්‍රී …

Continue Reading

තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය

තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. එම නිවේදනයේ අන්තර්ගතය. ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ. වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන …

Continue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දින පහක දී මිලියන 6.7ක ආදායමක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කලදා සිට දිනපහක් ඇතුලත වාහන 25,000ක් ධාවනය වූ බවත් ආදායම ලෙස රුපියල් මිලියන 6.7ක් උපයා ගැනීමට හැකි වූ බවත් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි. නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) පාර්ලිමේන්තුවේ දී වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමේ විවාදයේ දී ය. ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩි ම මුදලක් වෙන්කරන්නේ වරාය හා …

Continue Reading

අයවැයට සහය පල කරමින් උද්ඝෝෂණයක් කොටුවේදී

රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති බවය. කොළඹ, කොටුව දුම්රිය පොල අසළ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

Continue Reading

අයවැය ජනතා අපේක්ෂා සියල්ල බිඳ දැම්මා – ගයන්ත කරුණාතිලක

එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර, එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය. “මැති ඇමතිවරු කිව්වා ඉතිහාසයේ වැඩිම රත්තරන් සංචිතය දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා. ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ටික දැන් ආණ්ඩුවට තිබෙනවා කිව්වා, උද්ධමන වේගය අඩු වෙලා කියුවා. ආර්ථික වර්ධනය වැඩිවේගන යනවා කියලා කිව්වා. ආසියාවේ ශක්තිමත්ම කොටස් වෙළඳපොල මහින්ද චින්තනයේ නිවැරදි මූල්‍ය …

Continue Reading

ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ

ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, දේපොළවල ආරක්ෂාව, පමණක් නොව සංචාරකයින්ට ලබාදුන් ආරක්ෂාවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(30) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවනවර කියැවීමේ …

Continue Reading

අයවැය සම්මත වෙද්දි ග්‍රේරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී

2012 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සභා සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව  ඡන්ද 60ක් ලැබුණි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ ආණ්ඩුව සමඟ එක්ව අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරිමය. අයවැයේ දැක්ම යහපත් බැවින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව …

Continue Reading

මෙවර අයවැයේ අපේක්ෂාව අභිමානවත්, සැපවත් රටක් ගොඩනැංවීමයි – අගමැති

මෙවර අයවැයේ බලාපොරොත්තුව අභිමානවත් හා සැපවත් රටක් ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. සංවර්ධනය හා සුබසාධනය ඉලක්ක කරගත් ශ්‍රේෂ්ඨ අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට පුළුවන් වු බව ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ඇතැම් අය රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යන්න උත්සහ කරනවා. අපේ ප්‍රශ්න අපිම විසඳාගත යුතුයි. අපි අභිමානවත් ජාතියක්.“ “සංවර්ධනය මැනීමට භාවිත කරන …

Continue Reading