ශෂීගේ පාස්‌පෝට්‌ එක නඩු භාණ්‌ඩ භාරකරු භාරයේ

Spread the love

කූට ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්‌ ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ගිරිජා උදයන්ති රණසිංහ මහත්මියට ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඉදිරියේදී චෝදනා පත්‍රය කියවා දුන්නේය.

තමන් එම චෝදනාවට නිවැරැදිකරු බව සැකකාරිය අධිකරණයට පැවසුවාය.අධිකරණය භාරයට පත්කර තිබියදී අතුරුදන් වී ඇති බවට එම නඩුව කැඳවූ පසුගිය 25 වැනිදා අනාවරණය වූ සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අධිකරණ නඩු භාණ්‌ඩ භාරකරු භාරයේ ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

එම නඩු භාණ්‌ඩ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය නඩු දිනයේදී ඒ පිළිබඳව අධිකරණ රෙජිස්‌ට්‍රාර්වරියගෙන් විමසා ඇතත් නඩු භාණ්‌ඩ භාරකරුගෙන් විමසා නොතිබීම නිසා ඒවා අතුරුදන් වී ඇති බවට පැමිණිල්aල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

වගකීම් විරහිතව කටයුතු නොකරන ලෙසට එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවවාද කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා එම නඩු භාණ්‌ඩ අතුරුදන් බවට මාධ්‍ය මගින් ප්‍රචාර වූ බවත් එමගින් සිය අධිකරණයට අපකීර්තියක්‌ සිදුවූ බවත් පෙන්වා දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා – මගෙනුත් කීප දෙනෙක්‌ම ඒ ගැන ඇහැව්වා. විත්තිය එම නඩු භාණ්‌ඩ අතුරුදන් කළ බවට තමයි චෝදනා එල්ල වුණේ. එම ප්‍රචාරයට සමාන ප්‍රචාරයක්‌ මේ. සත්‍යයටත් ලබාදෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටිනවා.

අධිකරණය – මාධ්‍ය ප්‍රචාර ලබාදීම අධිකරණයේ කටයුත්තක්‌ නෙමෙයි.

ජනාධිපති නීතිඥවරයා – එම ප්‍රවෘත්ති පළකළ මහත්වරුන් මෙම ප්‍රවෘත්තියට එවැනිම විශාල ප්‍රචාරයක්‌ ලබාදේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා –

මා එම පැමිණිල්ල කළ අවස්‌ථාවේදීම එම නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කරන්න අධිකරණයට හැකියාව තිබුණා. මා ඉල්ලීමක්‌ කළේත් එම නිලධාරීන් කැඳවා ඒ ගැන විමර්ශනයක්‌ කරන්න කියලයි. ඔබතුමා ඒ අවස්‌ථාවේදීම එම නිලධාරීන්ව කැඳවිය යුතුව තිබුණා.

ඉක්‌බිතිව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස ඉදිරිපත් වූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සහකාර කොමසාරිස්‌ (නීති) ඉන්දික කුමාර සේරම් මහතා සාක්‍ෂි දීම ආරම්භ කළේය.

වැඩිදුර විභාගය ලබන 22 වැනිදා දක්‌වා කල් තැබිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිස්‌නා වර්ණකුල මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළහ.

RSL

Related Posts